හර්ෂි රසාංගා කියන, දුක හිතෙන කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හර්ෂි රසාංගාව ගොඩක් දෙනෙක් දැන අඳුනන්නෙ මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඔබේ රූප පෙට්ටියට ඇවිත් යන "ළංවී" හි අපූර්වා ලෙසින්. ඒ වගේම හර්ෂිගේ විවාහ ගිවිසගැනීමත් ගොඩක් දෙනා අතර කතාබහට ලක්වුණා ඔබට මතක ඇති. කුඩා කාලයේ දීම රංගනයට පිවිසි මේ සුන්දර රුවැත්තිය, ඒ අවධියේ දී මුහුණ දුන්නු ඇතැම් සංවේදී සිදුවීම්, මේ විදිහට කියලා තිබුණා.

"පොඩි කාලේ ඉතින් හරිම සුන්දරයි.. මම හරිම ආසයි ඉස්කෝලේ යන්න. පළවෙනි ටෙලි නාට්‍ය කරන්න කලින් පාසල් කාලේ සුන්දරයි. කළාට පස්සෙ ඉස්කෝලේ එපා වුණා. ඉස්කෝලෙ වරදක් නෙවේ. ළමයි ඉරිසියාවද මන්දා, මට කැපුවා. මං ගැන කට කතා කිව්වා. එතකොට මම හය වසරේ. ඒක ගොඩක් ම දැණුනා මා එක්ක එකටම හිටපු අය වෙනස් වෙද්දි. මම සමහර දවස්වලට අඬනවා ඉස්කෝලෙ යන්න බෑ කියලා. සමහර ටීචර්ස්ලත් මට බනිනවා. 'ආ නිළිය' කියලා මාව කොන් කළා..."

"ඇත්තටම මිනිස්සු ඒකේ හිතන එකෙ වරදක් තියෙන්නෙ. මම හැමෝටම නෙවේ කියන්නෙ, ගොඩක් හෙල්ප් කරපු ටීචර්ස්ලාත් හිටියා. සමහර දවස්වල සති ගණන් ස්කූල් ගියේ නෑ.."