හිරු star ඉවර වෙච්ච ගමන් ආපු සිය ඉත්තෑවා ගැන දිනක්ෂි මුල්වරට මාධ්‍යට හෙළි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ලෝකේ නිරන්තරයෙන් පුවත් මවන යුවලක් විදිහට සාරංග - දිනක්ෂි යුවල ජනප්‍රියයි. ගායන ශිල්පී නාරද දිසාසේකරගේ සහ ගුවන්විදුලි නිවේදිකා තිලකා රණසිංහගේ පුතා වන සාරංගත් සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වෙන දිනක්ෂිත් විවාහ වුණේ 2020 වසරේදී.

මේ දවස්වල අනිත් හැමෝටම තියෙන ක්‍රිකට් උන්මාදය මේ දෙපළටත් හැදිලා. පසුගිය වතාවන්වල තිබුණු ක්‍රිකට් තරග වගේම ඊයේ (19) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති ක්‍රිකට් තරගය නරඹන්නත් මේ දෙපළ ගියා.

හැබැයි ඊයේ දිනක්ෂි තරගය නරඹන්න ගිහින් තිබුණේ අනිත් යාළුවො එක්ක. ඒකට හේතුව වුණේ සාරංග හිරු ස්ටාර් වැඩසටහනේ පූරක ලෙස කටයුතු කිරීම. සජීවී වැඩසටහනක් නිසා ඔහුට පැලවත්ත හිරු ලයිෆ් ස්ටුඩියෝ එකට එන්නම වෙනවා. සාරංග හිරු ස්ටාර් සජීවි වැඩසටහන අවසන් වුණු වහාම ක්‍රිකට් තරගය නරඹන්න පැමිණි බව දිනක්ෂි සිය ෆේස්බුක් ගිණුමෙ පළ කරලා තිබුණෙ මෙන්න මෙහෙම.

"හිරු star ඉවර වෙච්ච ගමන් රුන්ගා...නේ.... කියාගෙන ආපු මගේ ඉත්තෑවා... Saranga Disasekara"