හිරු 24 වන සංවත්සරය වෙනුවෙන් දස ලක්ෂයක් වටිනා බඩු මලූ ලබා දෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අප රටෙි ප‍්‍රමුඛ ගුවන් විදුලි නාලිකාවක් වන හිරු පෙ නාලිකාව සිය 24 වන සංවත්සරය පසුගිය ජුලි 1 වෙනිදා සමරනු ලැබිය . 1998 වර්ෂයේ ඇරබි හිරු නාලිකාව වසර ගණනාවක් ජනතාවගේ ගුවන් විදුලිය ලෙසින් සමිමානයටද පත‍්‍ර වුණි. 24 වසරක් පැමිණි ගමන් මග හා සංවත්සරයත් සමග සිදුවෙන වෙනස්කමි සමිබන්ධව හිරු පෙ නාලිකා ප‍්‍රධානි නිසලි ප‍්‍රබුද්ධිකා සමග කළ සංවාද සටහනකි මෙි .

24 වැනි හිරු සංවත්සරය ගැන මුලින්ම කියලා ඉමු නේද?

2022 ජුලි 1 වෙනිදා හිරු සැමරුවෙි 24 වැනි සංවත්සරය . 1998 ජුලි 1 වෙනිදා ආරමිභ කල හිරු ගුවන් විදුලිය අදවනවිට දිගු ගමනක් ඇවිත් තියෙනවා . වසර 24 ක් කියන්නේ තාරුණ්‍යයේ වටිනාම අවදිය ඉතින් අපි හිතනවා අපි අද ඉන්නේ වටිනාම අවදියක කියලා .

තාරුණ්‍ය සමග මෙවර සංවත්සර විශේෂ වෙන්නේ කොයි ආකාරයෙන්ද?

හැම සංවත්සරයක් එක්කම අපි අලූත් දෙයක් නැවුමි දෙයක් අපේ ශ‍්‍රාවකයන්ට දෙන්න කටයතු කලා . හිරු විශේෂ වෙන්නේ අන්න ඒ කාරණාවත් එක්කයි . විශේෂයෙන් රටෙි පවතින තත්වය එක්ක අපේ ශ‍්‍රාවකයන්ගේ හිත්වල පිඩනය අවම කරන්න වැඩසටහන් පෙලගැස්මක් සකස් කරලා තියෙනවා . හිරුත් එක්ක ඉන්න හැම තත්පරයක්ම සතුටින් ඉන්න තැනට අපි අපේ ශ‍්‍රාවකයන් ගේනවා .

හිරු සංවත්සරයත් එක්ක වැඩසටහන්වල වෙනසක් ඇතිවෙනවාද?

දැනටමත් අපි ලොකු වෙනසක් ඇති කරලා තියෙනවා . ජනතාව එය ඉහලින්ම පිළිගෙන තියෙනවා . සතියේ දවස්වල උදේ 7 - 10 ඩිජේ ආරා ඇන්ඩි පැස්බරා තුලින් අපිව අහන ශ‍්‍ර‍්‍රාවකයන් හිනස්සලා දවස පටන් ගන්නවා . ඒ වගේම ජනතාවට අවශ්‍ය වැදගත් දේවල් මෙි හරහා අපි බෙදා ගන්නවා . අපේ ගුවන් කාලයෙන් වැඩිපුර ගුවන් කාලයක් අ ලූත් සහ ජනපි‍්‍රය ගීත වෙනුවෙන් අපි වෙන් කරලා තියෙනවා . දවස පුරාම එකිනෙකට වෙනස් රසවත් හරවත් වැඩසටහන් පෙලක් අපි ශ‍්‍රාවකයන්ට ලබා දෙනවා .

මෙි නිසාමද හිරු ජනතාවගේ ගුවන් වි දුලිය ලෙසින් සමිමානයට පත‍්‍රා වන්නේ?

ඇත්තටම ඔවි ජනතාව වැඩිම අහන , වැඩිපුරම විිස්වාසය තබපු නාලිකාව ලෙසින් ජනතාවගේ  ගුවන් විදුලිය නාලිකාව ලෙසින් දැන් වසර ගණනාවක සිට හිරු සමිමානයට පත‍්‍රවෙනවා . ජනතාවගේ ගුවන් විදුලිය කියන නම හැමෝටම ගන්න බැහැ . එයයි අපේ විශේෂත්වය . හිරු නාලිකාව ජනතාවගේ නාලිකාව ලෙසින් සමිමානයට පත‍්‍ර වෙනවා වගේම ඩිජේ අරා සහ පැස්බරා උදැසන වැඩසටහනත් ජනතාවගේ වැඩසටහන විදියට සමිමානයට පත‍්‍ර වෙනවා. හැම වසරකම එය නොකඩවා සමිමානයට පත‍්‍ර වෙන එකත් විශේෂත්වයක්.

හිරු හි ප‍්‍රචාරය වෙන ගීත සමිබන්ධව ඔබෙි අදහස?

අදවනවිට ගුවන් විදුලි නාලිකා විශාල ප‍්‍රමාණයක් තියෙනවා , මෙි හැම එකකම ගීත ප‍්‍රචාරය වෙනවා . නමුත් හිරු තුලින් ප‍්‍රචාරය කරන ගීතවල වෙනසක් තියෙනවා . අපේ ගීත පරික්ෂා කරද්දි ශබිද සමිමතය, ශබිද ප‍්‍රමිතිය, ශබිද පැහැදිලිකම කියන කාරණා මත තමයි තෝරා ගන්නේ.  ගීතයක් ප‍්‍රචාරය කරන්න ගියත් , නිෂ්පාදනය කරන දෙයක් වුනත් අපි ඒක බලාපොරොත්තු වෙනවා.  වර්ථමානයේ ගීත ගත්තම විවිධ ගීත තියෙනවා . අපේ ප‍්‍රචාරය වෙන ගීත අන්න ඒ විවිධ ගීතවල එකතුවක් කිවුවොත් මම නිවැරදියි . සු දුසු ගීත පමණයි අපි ප‍්‍රචාරය කරන්නේ .

නවකයන්ට හිරු හි ගිතයක් ප‍්‍රචාරය කරවන්නත් අවස්ථාව තියෙනවාද?

ඔවි අලූත් පරණ ඔින ශිල්පියෙක්ට තමන්ගේ ගීතයක් තියෙනමි අපිට ගෙනත් භාර දෙන්න පු ලූවන් . ගීතය හොදයි නමි අපි ප‍්‍රචාරය කරන්න කටයුතු කරනවා . අපි හැමවිටම වගකියන්නේ අසන්නන්නේ කන්දෙකට , ඒ නිසා හොද දෙයක් නමි අනිවාරයෙන් හිරු හි ඇසේවි . හිරු තුලින් පමණක් ප‍්‍රචාරය වෙලා අද වෙනකොට ජනපි‍්‍රය වෙචිච ගීත විශාල ප‍්‍රමාණයක් තියෙනවා .

හිරු මෙවර සංවත්සරයත් සමග අසන්නන්ට මොනවගේ දෙයක්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ?

හිරු 24 වැනි සංවත්සරයත් එක්ක අපි ‘‘හිරු පෙ සුපිරි බඩුමල්ල’’ ප‍්‍රවර්ධන වැඩසටහන අපි ආරමිභ කලා . මෙි හරහා එදිනෙදා අතවශ්‍ය භාණ්ඩ සහිත දස ලක්ෂයක් වටිනා බඩුමලූ දවස පුරා හිමිකර ගන්න ශ‍්‍රාවකයන්ට අවස්ථාව හිමිවෙනවා . මොකද ජනතාව අද ඉන්න තත්වය අපිට හොදින් තේරෙනවා . එයට අපිට හැකි විදියට විස දුමක් විදියටයි මෙි වැඩසටහන අපි ආරමිභ කළේ . ඔබට කරන්න තියෙන්නේ මෙම බඩු මල්ල හිමිකර ගන්න නමි හිරු ගුවන් වි දුලියට සවන් දෙන එක විතරමයි .

දශක දෙකකට වැඩි කාලයක් රැදි සිටින හිරු අසන්නන්ට මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම වසර 24 කියන්නේ විශාල කාලයක් , මෙචිචර කාලයක් රැදි සිටි අපගේ අසන්නන්ට ස්තුති කරනවා වගේම දිගටම අප සමග රැුදි ඉන්න කියලා ආරාධනා කරනවා . ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහත්මාගේ මග පෙන්විම හා අදහස් මත තමයි අපි අපේ වැඩසටහන් කරගෙන යන්නේ . මෙි වසර 24 තුල ලංකාවෙි පළමු වතාවට ගුවන් විදුලි නාලිකාවක් ලබාදිපු ගොඩක් දේවල් අපි අසන්නන්ට ලබාදිලා තියෙනවා . ඒ නිසා වසර 24 ක් තැබු විස්වාසය ඉදිරියටත් තබාගන්න ඔබ අපේ වත්කමයි කියලා තමයි අසන්නන්ට කියන්න තියෙන්නේ .

ජායාරූප සහ සටහන - මහේෂ් මලවර ආරචිචි