හැමෝම කතා වෙන සමාජ ජාලාවල පැතිරුන ඡායාරූපයන් හී ඇත්ත කතාව මෙන්න
වර්ණකුලසූරිය රංගනයේ යෙදෙන "ආසු" සිනමාපටය මේ දිනවල ඉතාමත් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සමගින් තිරගත වෙනවා. මෙම සිනමාපටයේ උදාරි නිරූපනය කරන්නේ පියයුරු පිළිකාවකින් පීඩා විඳින කාන්තාවකගේ චරිතයයි. හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ දියණියක වන ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාව අලලා මෙම සිනමාපටය නිර්මාණය වී තිබෙන බවට මෙහි අධ්‍යක්ෂ සංජීව පුශ්පකුමාර පවසා තිබුනා.
ඒ වගේම මෙම සිනමා පටයේ උදාරිගේ චරිතය වෙනුවෙන් සිදු කල වේශ නිරූපනය ගැනත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වුණා. ඒ වේශ නිරූපනය එතරම්ම තාත්වික අන්දමට සිදු කර තිබුනා. මෙම සිනමාපටය වෙනුවෙන් වේශ නිරූපනය සිදු කලේ නාරද තොටගමුවයි.