හැමෝම ආදරේ කරන හිමාලි සයුරංගි හිටිහැටියේම ෆේස්බුක් තැබූ සටහන
ඇය මේ දවස්වල ජනප්‍රිය ඇගේ නමින් හඳුන්වනවාට වඩා සමාධි කිව්වාමයි. කුඩා කාලයේ පටන් සංගීතයට ආදරය කරලා සංගීතයත් සමඟ හමු වුණු තරුණයෙක්ට ආදරය කළ සමාධිට අවසානයේ ආදරය අහිමි වනවා පමණක් නොව දියණියක්ද දායාද වශයෙන් හමු වුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි මේ දිනවල හිරු ටීවී නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ සමාධිගේ චරිතය නිරූපණය කරන හිමාලි සයුරංගි.
සමාධිගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනාදරයක් හිමි කරගත් හිමාලි තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පසුගියදා අපූරු සටහනක් තබා තිබුණා.
එය පහත දැක්වෙනවා,
"හුගක් මිනිස්සු ජීවත් වෙන්නෙ වෛරයත් එක්ක.. කෲර කමත් එක්ක. කොච්චර ලස්නට ඇදලා හිටියත් මූනෙන් ඒ නපුරුකම පේනවා.. තමන්ගේ නූගත්කම අන් අයට ප්‍රදර්ශනය වෙනවා කියලා හෝ තමන්ගේ පීඩනය අන් අයට විහිලුවක් වෙනවා කියල තේරුම් යන්නේ නෑ.. මේ හැම දේටම හේතුව තමන් තුල තියන බලය තේරුම් නොගැනීම.. තමන් දුර්වලයි තමන් පරාදයි කියලා හිතන්නෙ හිස් මිනිස්සු. ඒ අය අතීතයට පයින් ගහල සැහැල්ලු වෙන් සතුටින් ඉදිරියට මූන දෙන අයගෙ හිනාවක් දකින්න ආස නෑ.. ඒ අය ජීවිතේ වැඩි කාලයක් නැති වෙලා යනවා කියල දන්න දේවල් තියා ගන්න පොරබදපු මිනිස්සු.. තරහින් ජීවිත කාලයම විදවන මිනිස්සු.. තමන්ව විශ්වාස කරන කෙනා එයාගෙ ගමන කවුරු හිටියත් නැතත් යනවා.. මනස දුර්වලයා හැමදාමත් අනුන්ගෙන් යැපෙන අතර තමන්ගේ ගමන අභිමානයෙන් යා යුතුව තිබෙද්දී... තමාගේ මෝඩකම් අනුන් පිට පටවම්න් අනුන්ට පරිබව කරමින් තම ආත්මය දියාරු කර ගනී.."
හිමලි මෙවැනි ප්‍රකාශාක් කළේ කුමක් නිසාද කියලා නම් දන්නේ හිමාලිම තමයි.