හොඳම යාළුවා ගැන පියුමි කී කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්. ඒත් එක්කම ඇය ගොඩක් වෙලාවට සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්. ඉතින් ඇගේ ජීවිතයේ ඇතිවුණු කරදර බාධක බොහෝමයකට විසඳුම් තිබ්බේ ඇගේ හොඳම මිතුරා වෙන චන්දිමාල් ළඟ කිව්වොත් හරියටම හරි. දුකට සැපට චන්දිමාල් හැමදාමත් පියුමිගෙන් හෙවනැල්ලක් වගේ ඉන්නවා.

ඇගේ ජීවිතයට කවුරු එකතු වුණත් ඒ යාළුකම ඒ බැඳීම නම් සදහටම නැති වෙන එකක් නැහැ.. ඉතින් මේ කියන්න යන ටිකක් වෙනස් විදිහේ කතාවක්. පියුමි මේ වෙද්දි අලුත් පෙම්වතත් එක්ක එකට දිවි ගෙව්වත් ඇය තවමත් විවාහ වෙලා නැහැ නැහැ... කොහොම වුණත් චන්දිමාල් කැමැත්තෙන් ඉන්නවලු මේ දෙන්නම විවාහ කරවන්න. ඉතින් ඒ වෙනුවෙන් චන්දිමාල් ඔහුට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියලා තමයි පියුම් පසුගිය දවසක වැඩසටහනකට එකතුවෙලා කියලා තිබුණේ.

ජීවිතයට හොඳ යාළුවො සීයක් ඉන්න ඕන නෑ හොඳ එකම යාළුවෙක් හිටියම ඇති කියන එක පියුමිට ආයෙ අය පාරක් මතක් කරලා දෙන්නේ චන්දිමාල් එක්ක තියෙන මේ යාළුකම නිසාලු ඉතින් ඇගේ දුකට සැපට කවදත් ළඟින් ඉන්න මේ යාළුවගේ ඒ උතුම් පැතුම කවද හරි දවසක ඉටුවේවිද.

ඒක ඉතින් හරියටම කියන්න දන්නේ පියුමිම තමයි.