හොඳ නිර්මාණයකට කතා කළොත් මම රඟපාන්නත් කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක් වන ශ්‍රීමාල් විජේසිංහ සමගින් මෙවර අපි කතා බහා කළේමු. නිරූපණ ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ලෙසද කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට සැළසුම් කර ඇති ඔහු සිය අලුත්ම තොරතුරු අපිට මෙසේ පැවසුවෙමු.

වෘත්තියෙන් ඔබ නිරූපණ ශිල්පියෙක්?

නැහැ. මම දැනට පෞද්ගලික ආයතනයක මූල්‍ය විධායකවරයෙකු ලෙස කටයුතු කරනවා. නිරූපණයට මම ගොඩක් කැමතියි. ඒ නිසා ඒක විනෝදාංහයක් විදිහට කරගෙන යනවා.

ක්ෂේත්‍රයට ඔබගේ පිවිසිම සිදුවන්නේ කොහෙමද?

ඇත්තටම, ඒක අහම්බෙන් සිදුවුණ දෙයක්. මගේ යාළුවෙක් ඉන්නව පෝටෝග්‍රැෆි කරන. ඔහු කරපු ෂුට් එකකට මම පෙනී හිටියා. ඒ හරහා තමයි මම මේ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ නිරූපණ ශිල්පිය ගැන වැඩිදුර හැදෑරීම සදහා 2016 දී runway modeling acadmy සමග සම්බන්ධ වුණා. දැනට එහි පාඨමාලාව මම සාර්ථකව අවසන් කරලා තියෙනවා.

වර්තමානයේ අපි දකින දෙයක් තමයි තරුණ පිරිස් මේ ක්ෂේත්‍රයට විශාල වශයෙන් එකතු වෙනවා?

ඔව්, අද වෙනකොට ගොඩක් නවකයෝ මේ ක්ෂේත්‍රයට පිවිසිලා තියෙනවා. ලොකු තරගකාරිත්වයකුත් මේ ක්ෂේත්‍රවල දැන් ඇතිවෙලා තියෙනවා. දැන් මගේ එකම ඉලක්කය මේ ක්ෂේත්‍රය තුළ සාර්ථකව ඉදිරියට යන එක.

ලංකවේ නිරුපණ ක්ෂේත්‍රයට ගැන මොකද හිතෙන්නේ?

නිරූපන ක්ෂේත්‍රය තුළ ඉන්න කීප දෙනෙක් කරන නරක වැඩ නිසා තමයි මේ තත්ත්වය අද උදා වෙලා තියෙන්නේ. ඒත් බහුතරයක් දෙනා වැදගත් විදියට මේ ක්ෂේත්‍රය තුළ තමන්ට අදාල වැඩ ටික කරගෙන සාර්ථකව තමන්ගේ ගමන යනවා දකිනවා.

ඡායාරූපයකට පෙනි සිටි පමණින් නිරූපණ ශිල්පියෙක් වෙන්න පුළුවන්ද?

අද ඉන්න නවකයෝ හිතන් ඉන්න ලොකුම වැරදි දේ තමයි පොටෝ දෙක තුනකට පෙනී සිටියාම තමන් නිරූපන ශිල්පියෙක් කියලා. ඒ වුණාට නිරූපණයේ මූලික සිද්ධාන්තවත් ඔවුන් දන්නේ නෑ. පොටෝ ටිකකට පෙනි සීටිමට වඩා තවත් දේවල් නිරූපණය තුළ ඉගෙන ගන්න තියෙනවා.

නිරූපණ ශිල්පියෙක් විදිහට දායක වෙලා තියෙන නිර්මාණ තියෙනවද?

ගොඩක්ම පොටෝ ෂුට්වලට තමා පෙනි ඉඳලා තියෙන්නේ. ඊට අමතරව ගීත රචනා කීහිපයක් හා වෙළෙඳ දැන්වීම් කිහිපයක රගපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හොද නිර්මාණය ලැබුනොත් මම රඟපාන්නත් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.

ඉදිරි ඉලක්ක මොනවද ඔබගේ?

නිරූපණයෙන් මට ලැබුණ අත්දැකීම් එක්ක 2020 දී මම  mystyle.lk නමින් ඇගලුම් ව්‍යාපාරයන් ආරම්භක කළා. ඒ වැඩත් එක්ක ලැබෙන අවස්ථා වලදී හොද නිර්මාණය වලට මගේ දායකත්වය ලබා දෙන්න තමයි මගේ අදහස තියෙන්නේ.

උදව් කළ අය කවුද?

මේ වෙලාවෙදී මම මතක් කරන්න ඕනි මගේ අම්මා තාත්තා. ඒ දෙන්නා තමයි මට මේ දේවල් වලට ගොඩක්ම උදව් කරන්නේ. ඒ වගේම නිරූපන ගැන මට කියාදුන්න ඩැලරින් ශාෂා මිස්වත්, මම රැකියාව කරන TBS International ආයතනයේ අයත්, මගේ වයාපාර ආයතනයේ අයත්, මට නිර්මාණය වලට ආරාධනා කරපු සියලුම ඡායාරූප ශිල්පින්, වේශ නිරූපණ ශිල්පින් හැමදෙනාටත් මම මේක අවස්ථාවක් කර ගන්නවා ස්තූති කරන්න.

බුද්ධික සේනාධීර