හීන හඹාගොස් නිළියක් වූ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බුලත්සිංහල, මතුගම ප්‍රදේශයෙන් කලා ලොවට එක්වූ ඇයගේ එකම හීනය වී තිබුණේ නිළියක් වීමටය. දෙල්පවත්ත මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරා නාට්‍ය හා රංග කලාව සුගත් සමරකෝන් හා ගිහාන් රෝහණ යන ප්‍රවීණ අධ්‍යක්ෂවරු යටතේ ප්‍රගුණ කළ ඇය, තමන්ගේ හීනය සැබෑ කරගත්තා පමණක් නොව කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක් බවටද පත්වූවාය.

ඇය නමින් මධුෂිකා රාජපක්ෂය. කෙටි චිත්‍රපටවලට රංගනයෙන් දායකවූ මධුෂිකා, තමන්ම තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරමින්, එහි ප්‍රධාන චරිතයටද පණ පොවා 'The last Love' නමින් කෙටි චිත්‍ර පටයක් අධ්‍යක්ෂණය කළාය. පාසල් කාලයේදී කතික තරග, විවාද තරග, ජන ගී ගායනා තරගවලට සහභාගි වී ජය ලබාගත් ඇය, විවාද කණ්ඩායමේ නායිකාව බවටද පත්වූවාය. පාසලේදී විවිධ නිවේදන වැඩ කටයුතුවලට සම්බන්ධ වූ මධුෂිකාට ගීත ගායනා කිරීමට හැකියාවක් තිබේ.

මේ දිනවල ඇය අලුත්ම තිර පිටපතක් ලියා ඇති අතර එය ‘සැබෑ ආදරය’ ලෙස නම්කර තිබේ. ටෙලි චිත්‍රපට තිර රචනයක් වූ එය ළඟදීම නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන්නීය.

‘මගේ මේ ගමනට දෙමව්පියන් මෙන්ම මගේ එකම සහෝදරයාත් ලොකු ශක්තියක් දෙනවා. හොඳ හරවත් නිර්මාණවලින් ඉදිරියට එන්න තමයි කැමැති. පුංචි කාලේ ඉඳන්ම කලාවට කැමැතියි. නිළියක් වෙන එක තමයි පාසල් කාලයේ ඉඳලම හීනය වෙලා තිබුණේ. මේ දවස්වල අලුත් චිත්‍රපට 2ක රඟපාන්න ආරාධනා ලැබී තිබෙනවා. මගේ මේ ගමනට වචනයකින් හරි ශක්තියක් වුණු හැමෝටම බොහොම ස්තුතියි.’ මධුෂිකා ‘සඳැල්ල’ට පැවැසුවේ එවැනි අදහසකි.