හීන කියන්නේ මහන්සි වුණොත් දිනන්න පුළුවන් ඒවා - කාගෙත් ආදරය දිනූ, ගායන තරුව කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මනේජ් සංජය කියන්නෙ නම කියූ සැනින් රුව හඳුනන, හඬ මතකයට නැඟෙන ගායන තරුවක්. ඔහුගේ ගීතවලට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවනෙ. කලාකරුවෙක් හැටියට ඔහු ළඟ ඇති නිහතමානී ගුණයට කවුරුත් ආදරෙයි. ඔන්න ඉතින් ඔහුට දැන් එන්න එන්නම ලැබෙන ආරාධනා වැඩි බවයි ආරංචිය. මේ ගැන කියන්නෙ ඔහුම තමයි.
 
"ඊයේ දවසේ ප්‍රසංග 5 ක්. ඔබේ ආදරය ඒක හිතාගන්නත් බෑ.  
පහුගිය මාස කීපයම නිවාඩුවක් ගන්න දවසක් හොයාගන්නත් බැරි තරමට මාව හොයලා ඔබේ ප්‍රසංග භාර දීපු හැමෝටම ගොඩක් ස්තූතියි. 
මාසෙකට කලින් ඊලග මාසේ දෙන්න තවත් දවස් මට නෑ කියලා කියන මට්ටමට එන්න මට හයියක් උන ඔයාලා හැමෝටම ස්තූතියි. 
හීන කියන්නේ මහන්සි උනොත් දිනන්න පුළුවන් ඒවා කියලා ඔප්පු කරපු ඔබේ ආදරයට ගොඩක් ස්තූතියි. 
ඉදිරි මාස කීපයේ විදෙස් සංචාර ගොඩක් තියෙනවා සහභාගී වෙන්න. 
මේ සියල්ලටම වචනයෙන් හෝ හයියක් උන ඔබට ගොඩක් ස්තූතියි. 
(ජනප්‍රියත්වය , ප්‍රසිද්දිය හැමදේම තාවකාලික බවත් මම දන්නවා. පුළුවන් කාළයක් සින්දු කියලා , හැමෝම එක්ක හොදින් සතුටින් ලස්සන ගමනක් යන්නයි ඕන ) 
කෝල් මැසේජ් ආන්ස්වර් කරගන්න බැරි වෙන එකට නම් ආයෙ ආයෙත් සමාවෙන්න.
මගේ සින්දු ටික හදලා දීපු හැම ආදරණීය කලාකරුවෙකුටම ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි.
 හිරු ටීවී, හිරුස්ටා වේදිකාවට , ෂා එෆ් එම් , හිරු එෆ් එම් ඇතුලු මගේ ගමනට ආලෝකයක් උන හැමෝටම ගොඩක් ස්තූතියි. 
අද කහටගස්දිගිලිය දැවැන්ත ප්‍රසංගයක්. 
හික්කඩුව ශයිනි මගේ සංගීත කණ්ඩායම වෙනුවෙන් අද තව ප්‍රසංග භාරගත්තේ නෑ.
අපි හමුවෙමු"