හදිසියේම ලයිව් ආපු මහේෂි, අතිශය සංවේදීව කියූ කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහේෂි මධුශංඛා කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන්නට එන ආදරණීය චරිතයක්. දරු පැටවුන් දෙන්නෙකුගේ මවක් වන ඇය, බොහෝම නිහතමානී ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය නම දිනාගත්ත කෙනෙක් කිව්වොත් හරි. සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් සැරිසරන ඇය පසුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට ලයිව් වීඩියෝවක් එකතු කරලා තිබුණා.

ඇය එහි දී මෙවැන්නක් සඳහන් කළා.
 
"...බොහොම වැදගත් දෙයක්. චූටි බබාලගේ ගොඩක් බෙහෙත් ෆාමසිවල නෑ. කැස්සට ගන්න බෙහෙත්.... එතකොට... තව ගොඩක් හිඟයි. ඒ නිසා ඒක නැති එක ගැන නෙවෙයි මේක කරන්න හිතුවේ. මගේ බබාලා දෙන්නට අසනීපයි. හොස්පිට්ල්ස් වල මම බැලුවා, ඒ බෙහෙත් නෑ. මම කියන්න ආවේ බේත් ගැන නෙවෙයි. චූටි බබාලා ඉන්න අම්මලා ගොඩක් සැලකිලිමත් වෙන්න. මේ දවස්වල පොඩ්ඩක් හෙම්බිරිස්සාවක්වත් හදාගන් නැතුව පොඩි අයව පරිස්සම් කරගන්න. අපේ ළමයි මැරුණට පස්සෙ නිවන් සුව කියලා දානවට වඩා මෙහෙම දැනුවත් කරන එක හොඳයි හිතුණා. ලොකු අයගේ බේතුත් අඩු ඇති. පුංචි දරුවෝ ඉන්න අය දැනුවත් වෙන්න. පුලුවන් තරම් පොඩි අයව පරිස්සම් කරගන්න. මට ඇත්තටම මේක දැනුවත් කරන්න ක්‍රමයක් නෑ. ඒකයි ෆේස්බුක් හරහා ලයිව් ආවේ..."