හදවතේ ගායකයා චාමර ගැන රොෂාන් ප්‍රනාන්දු තැබූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කළා. එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණා.

ඔහු වෙනුවෙන් අනෙකුත් කලාකරුවාද මුහුණු පොතෙහි විවිධ සටහන් තබා තිබෙනවා. ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු ද සිය මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.