හොද යාලුවො කවදාවත් වැටෙන්න දෙන්නෙ නැ අල්ලගෙනම ඉන්නවා - පියුමි වෙනුවෙන් පෙරට ආ චන්දි
පියුමි හංසමාලි කියන්නෙ මේ වෙද්දි බුකියේ ජනප්රියතම චරිතය. පියුමිගේ පෙම් කතාව "අවසන් වුණා" කියන පුවත දැන් කාටවත් රහසක් නෙවෙයි. හැබැයි මේක ඇත්තක්ද ? බොරුවක්ද ? රඟපෑමක්ද ? කියලා ප්රශ්නයකුත් තියෙනවා. මේ කතාව මුලින්ම කරළියට එන්නේ පියුමිගේ නව පෙම්වතා දැමූ ඉන්ස්ටග්රෑම් "ස්ටෝරි" එකක් නිසයි.
පියුමි පැරණි පෙම්වතා සමඟ නැවත වතාවක් ගිය කියලයි ඒවායේ සඳහන් වුණේ. හැබැයි, පියුමි හදිසියේ ම ෆේස්බුක් එකට ඇවිත් මේ හැම කතාවක්ම බොරු බව කිව්වා. ඒ වගේම ඇය කියලා තිබුණා, ඇගේ වාහනය පවා ගත්තෙ ඇගේ මුදලින් බව.
හොඳයි. කතන්දරේ ඔය විදිහට වෙනකොට, පියුමිගේ හොඳම යාලුවා චන්දිමාලුත් කරළියට ආවා. "චන්දි" එයාගේ ෆේස්බුක් එකේ මීට මොහොතක ට කලින් දාලා තිබුණේ ,"ඒ දෙන්නා සතියකින් විතර යාලු වෙයි ඔය ලමයි දැන් ගිහින් නිදාගන්න" කියල යි. ඒ වගේම චන්දිගේ ඉන්ස්ටග්රෑම් ස්ටෝරි එකකත් පියුමිත් එක්ක ඉන්න ෆොටෝ එකක් තිබුණා.