හතරසිංහ පවුලේ පළවැනි වෙඩින් එකේ සාරි එක, පරිත්‍යාග කරන්න හදන, ටනාශාගේ ආදරණීය අම්මා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක් වගේම, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ටනාශා හතරසිංහ බොහෝම කෙටි කාලෙකින් කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. ඉතින් ටනාශාගේ ආදරණීය නැගණිය පසුගිය දවසක විවාහ දිවියට පිවිසුණා.

මේ කතාව ඒ විවාහ මංගල්‍යය ගැන නෙවෙයි. තමන්ගේ දෝණිගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ගත්ත සාරි එක ආර්ථික අපහසුතා තියෙන දියණියකට නොමිලේ පරිත්‍යාග කරන්න ටනාශාගේ අම්මා තීරණය කරලා.

ඒ ගැන කියමින් ඇය ඇගේ මුහුණු පොතේ සටහනකුත් පළ කරලා තිබුණා.

"ආර්ථික අපහසුතා ඇති ලගදි
විවාහ වීමට සිටින දියණියකට
මගෙ දීයණියගෙ
⁣මේ මංගල ඇදුම (ඔසරිය)
නොමිලේ පරිත්‍යාග කරනවා
අවශ්‍ය කෙනෙක් ඇතොත්
inbox මැසේජ් එකක් දාන්න!"