හෙක්ටර් එක්ක ආදරෙන් බැඳුණු හැටි බිරිඳ හෙළි කරයි
මේ දිනවල හිරු නාලිකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දිවිතුරා’ කියන්නෙ ප්‍රේක්ෂකයන් ආදරයෙන් නරඹන ටෙලිනාට්‍යයක්. මේ ටෙලිනාට්‍යය හරහා අපි කවුරුත් හදුනන ඒ සංගීත ශිල්පියා තමයි හෙක්ටර් ඩයස් කියන්නේ. හෙක්ටර් කියනවාට වඩා හැමෝම ඔහුව දන්නේ අගස්ති කියලා. හෙක්ටර්ගේ ආදරණීය බිරිද තමයි පාටි ඩයස් කියන්නේ. දරුවන් තුන් දෙනෙකුගේ පියෙක් වන හෙක්ටර්ට ඔහුගේ බිරිද හමු වුණ ආකාරය ගැන හෙක්ටර්ගේ බිරිඳ වන පාටි ඩයස් මේ විදිහට කියලා තිබුණා.
“හෙක්ටර් මේරියන්ස් සංගීත කණ්ඩායම එක්ක පැරිස් ආවා. එතකොට මට වයස අවුරුදු 16යි. චාන්ස් එකක් ලැබුණා කලා තරු එක්ක සෙල්ෆි ගහන්න. ඉතින් මමත් ගැහුවා. එදා හෙක්ටර් මට හිනා වුණා. ආයෙත් දවසක් පැරිස් ආවා. එදා මට ලෙන්ගතුකමක් දැනුනා. ඊට පස්සේ මම නම්බර් එක හොයාගෙන කෝල් කලා. එදා ඇති වුණු ලෙන්ගතුකම තමයි තවම මේ තියෙන්නේ.”