සිංහල සිනමාවේ ගිනිසිළුව වුණු සුමනා ගෝමස්ට කරදරයක් ? මෙන්න ඇය දැමූ සැර සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇගේ වෛරය, උණුසුම් රාත්‍රීයක්, කාම සූත්‍ර වැනි අතිශය ආන්දෝලනාත්මක සිනමාවේ චරිත නිරූපණය කළ සුමනා ගෝමස් දශක කිහිපයක් පුරා ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත චරිතයක් වුණා. ඇගේ අඩනිරුවත් සේයාරූ ඉපැරණි සඟරා වල මුල් කවර පවා සැරසුවා ඔබට මතක ඇති.

කාලයත් එක්ක සිනමාවට ආයුබෝවන් කියූ සුමනා අනතුරුව විදෙස් ජාතිකයෙකු සමඟ විවාහ වෙනවා. ඇය දැන් වාසය කරන්නෙ අමරිකා එක්සත් ජනපදයේ.

බොහෝ 18+ සිනමා පටවල රඟපෑ නිළියන් 'ඒ ඉන්නෙ මම නෙවෙයි' කියද්දි සුමනා මේ තමන්ම බව නිර්භයව කියූ නිළියක් වීමත් විශේෂත්වයක්. කොහොම වුණත්, ඇයට හිටි හැටියේ ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා.

මේ වන විට ඇගේ නම ආඳා ගනමින් පිරිසක් ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ පතුරමින් සිටිනවා. සුමනා මේ ගැන කියමින් ඇගේ මුහුණු පොතට සැර සටහනක් ද එක් කර තිබුණා.

මෙන්න අපේ ලන්කව. කොහොමද ලජ්ජාවක් මෙ අනුන්ව ව්කුනගෙන කනවා. මෙක යට තයන්න පින්තුර හෙළා දක්නට ඔනෙ. මුන්ට හෙන ගහනවා.දරුවො ඉන්වනම් , අම්මලා ,තත්තල , සහොද්‍ර් සගොද්‍රයන්ටත් මෙව සප වෙනවා අනුන්ව ව්කුනගෙන කන්න එපා සක්කලෙන්ට මෙක දන ගන්න ඔනෙ. මම මෙක රිපොට් කරනවා ගගන කලකන්නි.