සිංහල රිදී තිරය උඩු යටිකුරු කළ කදිර දිව්‍යරාජ
සිංහල රිදී තිරය උඩු යටිකුරු කළ කදිර දිව්‍යරාජ චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමා වංශකථාවේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින් පසුගිය දින තම පළමු මාසය අති සාර්ථකව අවසන් කළා. අගෝස්තු මස 3 වන දින සැවොයි සිනමා ශාලාවෙන් මංගල ගමන ඇරඹූ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිමැවූ කදිර දිව්‍යරාජ චිත්‍රපටය මේ වන විට ආදායම් වාර්තා බිද හෙලමින් වාර්තා පිට වාර්තා තබන්නට සමත්ව තිබෙනවා.
තිරගත වීම ආරම්භ වූ දින සිට
- දින 15 ක් තුළ ලක්ෂ 500 ක අදායමක් ඉපැයූ පළමු සිංහල චිත්‍රපටය
- දින 24 ක් තුළ ලක්ෂ 1000 ක ආදායමක් ඉපැයූ පළමු සිංහල චිත්‍රපටය
- පළමු මාසයේ දී ලක්ෂ 1400 ක ආදායමක් ඉපැයූ පළමු සිංහල චිත්‍රපටය
- සති අන්තයේ වැඩිම ආදායම ඉපැයූ පළමු සිංහල චිත්‍රපටය
- මාසයක් ඇතුළත වැඩිම පේක්ෂක ප්‍රමාණය නැරඹූ සිංහල චිත්‍රපටය
කිසිවකුත් දැක නැති කිසිවකුත් අසා නැති සිංහල රිදී තිරයේ මෙවැනි ආදායම් වාර්තා පිහිටුවමින් කදිර දිව්‍යරාජ චිත්‍රපටය මුල්පෙල මුල්ම තැන ගන්නේ සිංහල සිනමා කර්මාන්තයට නව ජීවයක් එක් කරමිනි.
මෙවැනි විශාල වෑයමක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් සාර්ථකත්වය කරා ගෙනයාමට අපේක්ෂක ජනතාව දුන් සහයෝගය වෙනුවෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක සමිමානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුලූ නිෂ්පාදක මඩුල්ල හා චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය ස්තූතිය පළකර සිටින අතර චිත්‍රපටය නැරඹීමට දිනෙන් දින වැඩිවන ජනතාවගෙන් එහි සාර්කත්වය පිළිබිබු වන බවද අප මනාව දන්නා කරුණකි.