සහල් ගරන අම්මා... සුසුම් හෙලා ගිනි දළු ගෙන - ලිප මොලවන අම්මා... ආදරණීය මව ගැන සංවේදී වූ ඇය
"ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා..." දීපිකා ප්රියදර්ශනී කියන්නෙ රටක් ආදරේ කරන චරිතයක්. ඇයගේ මව වියෝවුණේ මීට මාස කිහිපයකට ඉහතදීයි. මේ ඇය මව ගැන තැබූ සටහනකි.
කඳුළු හෙලා නෑඹිලියට
සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන
ලිප මොලවන අම්මා
වෙල් දෙණිවල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිදී
අපි එන තුරු අම්මා
මාගේ මෑණියන් අප අතරින් වෙන්වී මෙමස 15 වන දිනට තෙමසකි...අම්මාවරුන්ගේ දිනය යෙදෙන අද දින ඇයගේ ගුණ කඳ මෙසේ සිහිපත් කරන්නට කැමැත්තෙමි,...
ඇයට නිවන් මග දොරටු විවර වේවා.