සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නාගයාට රඟපාන ස්වර්ණ
ටෙලි නාට්‍යය කිහිපයක දුටු ස්වර්ණ චරිතට මෙවර අප මෙසේ ඉඩක් වෙන් කළා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වෙන සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නාගයා ලෙස රංගනයෙන් දායක වෙන ස්වර්ණ දැනට ටෙලි නාට්‍යය කිහිපයක විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණ ඇත. මේ දිග හැරෙන්නේ ඔහු සමග කළ කතා බහයි.
ස්වර්ණට නළු හීනේ ඇති වුණේ කොයි කාලේද?
පාසල් යන කාලේම තමා. මගේ ගම අනුරාධපුර තිබ්බටුවාගම. ගමේ පෙන්නුවා දෙබස් කථන ගීත මුද්‍රා නාට්‍යයක් (ජහුටා නාට්‍යය). ඕක බලලා තමයි මම නළුවෙක් වෙන්න හීන මැව්වේ. පාසලේ එහෙම තිබුණ වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය, කෙටි චිත්‍රපට ආදිය හැම එකකටම මම සම්බන්ධ වුණා. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී මම ගණිතය විෂය ඉහළින්ම සමත් වුණා විශිෂ්ට සාමාර්ථයක් අරගෙන. නමුත්, කලාවට තියෙන කැමැත්තටම මම උසස් පෙළ කළා කලා විෂය ධාරාවෙන්.
නළුවෙක් වෙන්න හැකියාව විතරක් මදි හැදෑරිමකුත් අවශ්‍යයි?
ඔව්, මම නාට්‍ය හා රංග කලාව පිළිබද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්රාසාංගිකවේදි (ගෞරව) උපාධි අපේක්ෂකයෙක්. මේ වෙද්දි විශ්වවිද්‍යාලය කටයුතු අවසන් කරලයි තියෙන්නේ. ඒවගේම මම ඉම්පාස් ආයතනයේ රංගන පාඨමාලාව ද හැදෑරීම සිදු කළා. දැනට නාට්‍ය වැඩමුළු ගණනාවකට සහභාගි වෙලි තියෙනවා.
මුලින්ම ස්වර්ණ රඟපෑවේ මොන නාට්‍යයේද?
සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ තමයි මුලින්ම මම රංගනයෙන් දායක වුණේ. මැරයෙක්ගේ චරිතයක් තමයි සර්කස්කාරයෝ හි මම ඉදිරිපත් කළේ. අවස්ථාව ලැබුණේ සද්ධා මංගලසූරිය බණ්ඩාර මහත්මයාගේ ඉම්පාස් රංගන පාසල හරහා. කෙටි චරිතයක් වුණත් එහි මම කළ රඟපෑම දැකලා මට අවස්ථාව ලැබුණා ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කල කෝලම්කුට්ටම ටෙලි නාට්‍යයේ රඟපාන්න. එකේ මට ලැබුණේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ තරුණයෙකුගේ චරිතයක්. මම හිතන්නේ සමාජ මාධ්‍යය තුළ වගේම ප්‍රේක්ෂකයින් අතරේ මා ගැන කතා වුණේ ඒ චරිතය හරහා. මේ දිනවල මාව ස්වර්ණවාහිනියේ විකාශය වෙන සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නාගයා කියන වෙනස්ම විදිහේ චරිතය තුළින් දකින්න පුළුවන්.
කලාවට සම්බන්ධ වුණ එක ගැන ස්වර්ණගේ අදහස?
ඒක මගේ ආත්ම තෘප්තිය. වෙන කිසිම පැතිකඩක් තුළින් ඒ තරම් ආත්ම තෘප්තියක් මට ලැබෙන්නේ නැහැ. ගොඩක් මහන්සි වෙලා තමයි මේ තැනට ආවේ. කොටින්ම කියනවා නම් හොඳම කට්ටක් කැවා මේ තනට එන්න මම. නමුත්, ගොඩක් සතුටුවෙනවා මම පොඩි කාලේ ඉඳලා දැකපු හීනය අද සඵල කරගන්න ලැබුණ එක ගැන දැකලා.
මේක වෘත්තියක් විදිහට කරන්නද අදහස?
බොහෝ විට. නමුත්, මම දැනට ගණිතය උපකාරක පන්ති පවත්වනවා ගුරුවරයෙක් විදිහට. ඊට අමතරව නිවේදකයෙක් විදිහටත් වැඩ කරනවා. විශේෂයෙන්ම මතක් කළ යුතුයි මේ මොහොතේදී සද්ධාමංගල සූරිය බණ්ඩාර මහතාව. මොකද ඔහු නැතිනම් අද නළුවෙක් විදියට මම කලා ක්ෂේත්රය තුළ නැහැ. ඒ වගේම අධ්‍යක්ෂක ජයප්‍රකාෂ් ශීවගුරුනාදන් මහතා, අපේ නිෂ්පාදකතුමිය චේතනි විජේතුංග මහත්මිය විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ අම්මා අප්පච්චී, මගේ හැමදේකටම ශක්තිය වන ශරලා රසාංජලි නංගිටත්, පාසලේ නාට්‍ය ගුරුතුමා සනත් චන්ද්‍රසේකර මහතා ඇතුළු සියළුම දෙනාත් මම මේ මොහොතේ සඳහන් කරන්න කැමති.
බුද්ධික සේනාධීර