සැලෝන් එකේ අලුත් වැඩ ටිකක් පටන් ගන්නවා
කාගෙත් ආදරය දිනු රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභු කියන්නේ. මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දකින සංගීත් ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පින් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක්ද වෙනවා. ඒ නිසාම ඔහුට මෙවර සාරවිට අප ඉඩක් වෙන් කළා. හැබැයි නිතර සංගීත් කතා කරන දේවල් ගැන නම් අහන්න නෙමෙයි. ඔහු විසින් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කරපු 'සැලෝන් ප්‍රභු' ආයතනය අලුත්ම තොරතුරු ගැන අහන්න.
සංගීත් 'සැලෝන් ප්‍රභු' පටන් අරගෙන දැන් කොච්චර කල්ද?
2020 වසරේදී තමයි මේක මම කොට්ටාවේදී පටන් ගත්තේ. දැන් අවුරුදු කිහිපයක් වෙනවා මේ ව්‍යාපාරය මම පටන් අරගෙන. පොඩියට පටන් ගත්තු ඒ වැඩේ අද වෙන කොට ලොකු සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. ඒ ගැන තරුණ ව්‍යාපාරිකයෙක් විදිහට ගොඩක් සතුටුයි මට.
මේක සංගීත්ගේ කාලයක ඉඳලා තිබුණ බලාපොරොත්තුවක්ද?
නැහැ. හැබැයි මට කොණ්ඩ සැකසීම, කැපීම පිළිබඳව දැනුමක් තිබුණා. රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරන අතරතුරදී මට හිතුණා අමතරව මුදලක් උපයන්න මේ වගේ වැඩක් කළොත් හොඳයි කියලා. ඒ අදහස මුදුන්පත් කරගෙන තමයි ^සැලෝන් ප්‍රභු^ ආරම්භ වෙන්නේ.
රංගන ශිල්පියෙක් විදිහට කාර්යබහුල වෙද්දි මේවාට කාලය හොයාගන්නේ කොහොමද?
ඇත්තටම, මම නිතරම වගේ මෙතැන රැඳෙන්නේ නැහැ. ඉඩ ලැබෙන පරිදි තමයි මගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ. ඒත්, මා යටතේ යම් පිරිසක් වැඩ කරනවා. ඔවුන් තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නේ මගේ හිමිකාරිත්වය යටතේ.
'සැලෝන් ප්‍රභු' හරහා වෙන්නේ කෝණඩය කපන එක විතරද?
නැහැ. කෝණඩය කපන එක ප්‍රධාන වුණාට මෙතැන රූපලාවන්‍යගාරයකින් සිදුවෙන දේවල් වුණත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගැණු පිරිමි භේදයකින් තොරව කෝණඩ විලාසිතා කරගන්න පුළුවන්. ඒ වගේම මේකඅප් පේශල් වගේ දේවලුත් කරනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මනාල මනාලියන් හැඩ කරන්නත්. දැනට ඒ පිළිබඳව සැළසුම් කරමින් යනවා.
සංගීත්ගේ 'සැලෝන් ප්‍රභු' එකට එනවා නම්?
තැන හොයාගන්න ලේසියි. කොට්ටවේ KFC එක ගාවට ඇවිල්ලා කොට්ටාව පැත්තට මීටර් 50ක් දුරක් ආවම %සැලෝන් ප්‍රභු^ හමුවෙනවා. ඒ වගේම කොට්ටාවේ පැත්තේ ඉඳලා එනවා නම් KFC පැත්තට එනකොට %සැලෝන් ප්‍රභු^ අපේ ආයනය දකින්න පුළුවන්.
බුද්ධික සේනාධීර