සිරස අවුරුදු උත්සවයේ තුන්පා දුවල මගේ කකුල උලුක්කු වුණා - ගීතිකා රාජපක්ෂ
දින කිහිපයකට කළින් සිරස රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ කලා තරු අවුරුදු උත්සවයේදී තමයි මට මේ සිද්ධිය වුණේ. මමයි මගේ සහෝදර රංගන ශිල්පියෙකු වන මංජුල මොරගහ අයියයි එකතු වෙලා තුන්පා තරගයට සහභාගී වුණා.
මේ තරගයේදී අපි දෙන්නාගේ කකුල් දෙක එකට ගැටගහලානේ දුවන්න තියෙන්නේ. ඉතින් තරගය ආරම්භ වෙලා අපි දෙන්නා දුවන්න ගත්තා. කොහොම හරි මගේ දකුණු කකුලේ මැණික් කටුව හරිය එක පාරටම ඇදිමකට ලක් වුණා. ඒත්, අතරමඟ නැවතෙන්නේ නැතුව වේදනාවත් ඉවසගෙන අන්තිම වෙනකම් මම මංජුල අයියත් එක්ක දිව්වා. පස්සේ තමයි කකුල ඉඳිමෙන්න ගත්තේ. කොහොම හරි තෙල් බෙහෙත් ගාලා කකුල හොඳ කරගත්තා. හැබැයි ඉතින් දවස් කිහිපයක් මම කකුලේ වේදනාව දරාගෙන හිටියා.