සුරූපි නිළි ටනාශා ආදරණීයම අයෙක් ගැන තැබූ සටහන
මුහුණු පොතේ සැරිසරන අපිට ජනප්රිය නිළි ටනාශා තැබූ සටහනක් දකින්න ලැබුණා. සටහනට අනුව නම් ඇයගේ සුරතලා ගිය තැනක් හොයාගන්නයි ඇය මේ උදව් ඉල්ලන්නේ.
"අනේ මට මගේ සුරතලා jupiter සොයා දෙන්න. අවුරුදු එකාහාමාරක් වයසැති Labrador වර්ගයෙ. නීරෝගි ආදරයෙන් ඇති කරන සුරතලා 2022.11.05 වන දින පෙරවරු 4.20 සිට බත්තරමුල්ල තලංගම උතුර ප්රදේශයේ අතුරුදහන්ව ඇත. ජුපිටර් දන්නා නොදන්නා අය සමඟ වුවද ඉතාමත් මිත්රශීලි ලෙස හැසිරෙන සුරතල් සතෙකි. අනේ එයා ගැන තොරතුරක් දන්න අයෙක් ඉන්නවානම් ඉක්මනින් අප අමතන්න. Jupiter අපිට ආපහු දෙන්න කාරුණික වෙන්න. අන්සතු දේ තමන් සන්තක කරගැනිමට යාම මෙලොවෙදී දඩුවම් ලැබිමටත් පරලොවෙදී විපාක ලැබීමටත් හේතු වේ.
යම් හෝඩුවාවක් ඇතහොත් අප අමතන්න. 0776586159 |0743528410 | 0767765614
හැකි අයුරින් මේ පොස්ට් එක share කර අපට සහාය වෙන්න..."