සරච්චන්ද්‍රගේ ’’මනමේ’’ බලා ප්‍රේමයෙන් මනරංජිත වෙන්න පේරාදෙණියට 9000ක ප්‍රේක්ෂක පිරිසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පේරාදෙණි විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයනාංශය මඟින් සංවිධානය කෙරුණු නාට්‍ය උලෙළට සමඟාමී ව පසුගියදා (26) මනමේ නාට්‍යය වේදිකාගත කෙරුණා. ඒ මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ දී. මනමේ නාටකය සම්ප්‍රධායක් වශයෙන් සෑම වසරක දීම පේරාදෙණි සරසවියේ රඟදක්වනු ලබනවා.

සාමාන්‍යයෙන් එකවර වැඩිම ප්‍රේක්ෂක පිරිසකගෙන් සරච්චන්ද්‍ර රඟමඬල පිරී යන්නේ, මනමේ නාට්‍යය නැරඹීමටයි. මෙම වසරේ ද එම තත්ත්වය එසේ ම පැවති අතර, එහි දැකිය හැකි සුවිශේෂ ම කරුණ වන්නේ, පෙරේදා දිනයේ මනමේ නාටකය බැලීම සඳහා 9,000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් සහඟාගි වීම යි.

එය පෙර නො වූ විරූ ප්‍රේක්ෂක සහභාගිත්වයක් බව යි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ. මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය යනු, ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයක්. මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මෙම රංග පීඨය නිර්මාණය කර ඇත්තේ ම මනමේ නාටකය පෙන්වීමට බව යි සඳහන් වන්නේ. රුපියල් 50ක් වැනි ඉතා ම සුළු මුදලකට මෙහි නාට්‍යය නැරඹිය හැකි අතර, එය කාටත් හිමි වන මහඟු අවස්ථාවක්.