සාරංගගෙන් පොලීසියට පැමිණිලලක්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණයෙක් කඩාගෙන බිඳගෙන පොලීසියට දුවගෙන එනවා. එයාට ඕනේ ඇන්ට්‍රියක් දාන්න. එන්ට්‍රියක් දාලා හරි මිනිහාට ඕනේ තමන්ගේ ලොකු ප්‍රශ්නයට උත්තයක් හොයා ගන්න. එන්ට්‍රිය ලියාගන්න සාජන්ගේ රැස්පැට් බල බල තමන්ගේ ප්‍රශ්නය ඉන් ඩීටේල් තේරුම් කරලා දෙන්න දඟලන, තමන්ට අවශ්‍ය උත්තරේ අරගෙන සාධාරණයක් ඉෂ්ඨ කරගන්න මේ තරුණයා ට්‍රයි කරනවා. තරුණයා කරුණෙන් කරුණ කියනවා. සාජන් අකුරෙන් අකරු ලියනවා. සාජන් පලු යන්න බනිනවා. තරුණයා ගැලවෙන්න හේතු කිායනවා. තරුණයා මොලකාරයා වෙනවා. සාජන් අමාරු කාරයා වෙනවා. සාජන් සිංහාරූඨ වෙනවා. තරුණයා තොත්ත බබා වෙනවා.

සමාජයේ මුල් බැසගත්ත බොහෝ දේවල් අද කාලයටත් ඒ ආකාරයෙන්ම ගැළපනවාද නැද්ද. අපි අප්ඩේට් වෙන්න ඕනද. එහෙනම් ඒ කොහොමද. මෙච්චර කල් අපි කරෙගන ආ දේවල් හරියටම හරිද නැත්නම් හැදෙන්න ඕනෙද කියන ප්‍රශ්නය අපෙන් අහන ගමන් රසවින්දයත් ලබාගෙන පරමාර්ථනෙයන් වේදිකාගත වෙනවා. ඒ කපිල රස්නායකගේ 'පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්' 

මෙම වේදිකා නාට්‍යය නිරම්ාන්‍ය වන්නේ FISD - Be the Change ව්‍යාපෘතියට යටතේ සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටියටයි. 

කලා ලෝකයේ ජනප්‍රිය යුවල සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් මෙන්ම අමිල පහතගෙදර සමග අධ්‍යක්ෂ කපිල රස්නායකත් මෙහි රංගනයෙන් දායක වෙනවා. ජනවාරි 12 වෙනිදා මරදාන ටවර් රඟහලේ හවස 3.30 ට සහ 6.45 ට පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකාගත වෙනවා. පිළිවෙලකක පෙලගස්සගෙන, ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න. ප්‍රවේශපත් දැන් රඟහලෙන් ලබාගත හැක. විමසීම් 0774801626.