සමහරු වේදනාවක් එක්ක ජීවිතයම අඳුරු කරලා යනවා - සමහරු අපෙන්ම බැබලිලා හෑල්ලු කරලා යනවා
ශලනි තාරකා එක එක කාලෙට විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන රංගන ශිල්පිනියක්. ආදරේ සම්බන්ධයෙන් ධනාත්මක වගේම ඍනාත්මක අත්දැකීම් තියන රංගන ශිල්පිනියක් වෙන ශලනි අද ඇගේ ෆේස්බුක් ගිණුමේ ආදරය ගැන ඇගේ ඇගේ කෝණයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ප්‍රකාශයයි.
"ජීවිතේ අපිට එක එක ජාතියේ පුද්ගලයින් හමුවෙනවා. සමහරු අපිට ආදරේ පෙරවදන කියල දීලා යනවා. සමහරු අනාගතය ශක්තිමත් කරලා යනවා. සමහරු වේදනාවක් එක්ක ජීවිතයම අදුරු කරලා යනවා. සමහරු ඔයාගෙන්ම බැබලිලා ඔයාව හෑල්ලු කරලා යනවා. තවත් සමහරු ඔයාව කූඩුවක දාගෙන නීතිපොතක් අස්සේ ඇති කරනවා.
හැබැයි ඔයා ඉවසලා හිටියොත් දවසක් එනවා ඔයාට ඔයා වෙන්න පුලුවන් ඔයාට හදවතින්ම ආදරය කරන මුලු ලෝකයම ඔයා කර ගත්ත කෙනෙක් හමුවෙන, එතැන හරිම සුන්දරයි. මොන ප්‍රශ්නය ආවත් ඔයාව දාලා යන්නැති හැමදේකදිම ඔයාට හයියක් වෙන, Toxic relationships එක්ක හෙම්බත් වුන ඔයාට ඇස්දෙක පියාගෙන සැනසෙන්න පුලුවන් තැනක්. කොච්චර දුරට තල්ලු බ්කරත් ඔයාටම ඇදිලා එන කෙනෙක්. ඔයා වාසනාවන්තයි දැනටමත් ඒ කෙනා ඔයාට හම්බ වෙලා නම්, පලමු ආදරේම ඒ කෙනා වුනා නම්.
හැබැයි ගොඩාක් පරක්කු වෙලා හරි දවසක එයා ඔයාට මුන ගැහෙනවා. එදාට ඒ ආදරේ පරිස්සම් කරගන්න. සමහරවිට එයත් ඔයා වගේම ආදරේ හොයලා හෙම්බත්වුන කෙනෙක් වෙන්න පුලුවන්. එහෙම නැත්තන් ඔයාගේ මුලු ලෝකෙම ලස්සන කරන්න එයා ආවා වෙන්න පුලුවන්.
අන්න ඒ ඇස් දිහා බලලා ඒ අත්දෙක හයියෙන් අල්ලගන්න එදාට දැනෙයි මේ ජීවිතේ කොච්චර ලස්සනයිද කියලා...
~ශලනි තාරකා~"