සමහරු කැමති මම සංවේදි චරිතම විතරක් කරනවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලලිත් රත්නායකගේ අරුංගල් ටෙලි නාට්‍යයේ ඔබ ආදරය කළ ‘‘චන්දාරත්න’’ තාත්තා ටෙලි නාට්‍යයේ ‘‘සුනිමල්’’ සුදත් දේවප්‍රියගේ උඩුගම් යාමේ චිත්‍රපටයේ ‘‘සිරිමල්’’ යන මේ කර්කෂ මහ පොළව මත ජීවත් වන චරිත ගණනාවකට ජීවය දුන් ඔහු මෞලි පර්ඩිනෑන් ඩු ටෙලි තිරය සහ සිනමා තිරය මත නොමැකෙන සටහනක් තබා අවසන්. රූප මාධ්‍ය තුළ හැඟුම් බර නිහඬ චරිතයක් තුළ ජීවත් වූ මෞලි නිර්මාණ හරහා  නිරන්තරයෙන් දක්නට නොලැබුණත් කාලෙකට පස්සේ මේ දිනවල කෝලම් කුට්ටම, නන්නත්තාර නිර්මාණ හරහා මෙන්ම සමාජ ආමන්ත්‍රණයකින් මුණ ගැසෙනවා. මෞලි ෆර්ඩිනෑන්ඩෝ සමඟයි මේ කතාබහ.

මෞලි බොහොම කාලකින්ද පුංචි තිරයට එකතු වෙන්නේ ?

ඇත්තටම ඔව්... 2019 සුමිත් රත්නායකයන්ගේ මහකොළඹ ටෙලි නාට්‍යයෙන් පස්සේ අවුරුදු තුනකින් විතර තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගේ නන්නත්තාර ටෙලි නාට්‍යයට දායක වෙන්නේ වෘත්තිය කාර්ය බහුලත්වය එක්ක සමහර නිර්මාණ මඟ ඇරුණ

මේ දවස්වල කලාව පැත්තෙන් මොනවද අලුත් වැඩ කටයුතු?

මේ දවස්වල සුපුරුදු පරිඳි උසාවි වැඩ කටයුතු කරගෙන යනවා, ඒ අතර කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ රෑගත කිරීම් එක්ක තරමක් කාර්ය බහුල වෙලා ඉන්නවා. නන්නත්තාර ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් පසුගිය දිනවල අවසන් වුණා. උසාවියට පස්සේ වැඩි කාලයක් ගත වෙන්නේ කෝලම් කුට්ටම එක්ක මාදු ගගේ තමයි.

බොහොම  නිහඬ, හැඟීම් දනවන චරිත කරපු මෞලි නන්නත්තාර සහ කෝලම් කුට්ටම හරහා වෙනත් මුහුණුවරකින් දකින්න ලැබෙනවා. ඒ අත්දැකීම මෞලිට කොහොමද දැනුණේ ?

ඒ වෙනස වෙන්නේ කොයි මොහොතෙද කියලා මම බල ඉඳපු කෙනෙක්. ලලිත් රත්නායක අංකල්ගේ තෙත් සහ වියළි නාට්‍යයේ තමයි මම මුලින්ම පුංචි චරිතයක් රඟපෑවේ. ඊට පසුව එතුමාගේ ඇරුංගල් ටෙලි නාට්‍යයේ මට ප්‍රධාන භූමිකාවක් රඟපාන්න ලැබුණා. චරිත ඔක්කොම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්තත් එහි ඒකාකාරි බවත් මට දැනුණා. වෙනස් ආරක  චරිතයක් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. මට වෙනස්වෙන්න මුලින්ම ඒ අභියෝගාත්මක අවස්ථාව ලැබුණේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගේ නන්නත්තාර ටෙලි නාට්‍ය හරහා

නන්නත්තාර ටෙලි නාට්‍යයේ මගේ චරිතය වෙන්නේ ‘‘සිහින’’ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වුණත් උණුවන හදවතක් තියෙන  හදවත ඇතුළේ ආදරය පිරුණු මනුස්සයෙක් මම කරපු චරිත එක්ක ඇත්තටම ඒක මට ලොකු අභියෝගයක් වුණා. ජයන්ත මහත්මා සමඟත් වැඩ කරන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසාම සිහින චරිතයේ අභියෝගය මම බාරගත්තා.

කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ ‘‘චුටා’’ මෞලිගේ කලා ජීවිතේ පැත්තෙන් වෙනස් වටිනාකමක් එකතු කරපු චරිතයක් කියලා හිතෙනවා. ඒ ගැන ඔබේ අදහස ?

කෝලම් කුට්ටම මගේ රංගන ජීවිතේ වෙනස්ම අත්දැකීම් රැසක් එකතු කළ ටෙලි නාට්‍යයක්. පස්සේ තමයි කෝලම් කුට්ටමට මට ආරාධනා ලැබෙන්නේ.

ජයප්‍රකාශ් ශිවගුරු නාදන් කෝලම්කුට්ටම අධ්‍යක්‍ෂතුමා මට මුලින්ම මුණ ගැහෙන්නේ සුදත් මහත්මාගේ උඩුගම්යාම චිත්‍රපටයේ ද එහි සහය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේ ශීවා අංකල් ශිවා අංකල් මට මූණ ගැහෙන හැම තැනක දීම කියනවා අපි අලුත් වැඩක දී මූණ ගැහෙමු කියලා. කෝලම් කුට්ටම තමයි මුණ ගැහුණ අලුත්ම වැඩේ. මට ශිවා අංකල් ‘‘චූටා’’ ගේ චරිතේ ගැන කිව්වාම මට ඒ චරිතයට ලොකු ආසාවක් ඇති වුණා මොකද චූටා කියන්නේ මම සොය සොයා ඉඳපු චරිතයක්.

එක තැනකදී චූටා ව ප්‍රේක්‍ෂකයෝ කොයි විඳිහට භාර ගණිවි ද කියන අභියෝගයක් මට ආවා. හැබැයි වෙනස් චරිත නිරුපණය තුළ මට මගේ ආසාර්ථක, සාර්ථකභාවය තැන බලන්න ඕන වුණ කතාව විකාශය වෙලා සති දෙක තුන යනකොට චූටා ට ලැබුණ ප්‍රතිචාර එක්ක මට ඇහුන දේ තමයි නොදන්න ප්‍රේක්ෂකයා අතරට මාව ගියා අවසානයේ පාරෙදී දැක්කත් චූටා කියන තත්වයට පත්වුණා.

ඒ කියන්නේ චූටාගේ දුෂ්ඨකම්වලට ආදරය කරන පිරිසකුත් ඉන්නවා.

ඇත්තටම චූටා කියන්නේ සුද්දි දුෂ්ඨයා චුටාත් සුද්දිට ආදරෙයි. චූටා දුෂ්ඨයෙක්  නිසා ගොඩක් අය චූටා ට කැමති නැහැ. ඒ  වුණාට දුෂ්ඨයටත් ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ ප්‍රේක්‍ෂක ආදරය මට දැනෙනවා. මගේ කලා ජීවිතේ ළමා නළුවෙක් යොවුන් නළුවෙක් ලෙස විවිධ චරිත හරහා විවිධ වටිනාකම් මට ලැබිලා තියෙනවා. චූටා කියන චරිතය හරහා ලැබුණ වටිනාකම ඒ හැම වටිනාකමට වඩා මට වෙනත් අත්දැකීමක් සද්ධා මහත්මා ශීවා අංකල් මේ සුසංයෝගය එක්ක වැඩ කරන්න ලැබිම ලොකු සතුටක්.

මේක මෙගා ටෙලි නාට්‍යයක් වුණත් කැපවීමෙන් කරන වැඩක් මේක. මාදු ගඟේ ඔරු පැදීම අත්දැකීම නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. උඩුගංයාම චිත්‍රපටයෙන් තමයි මම මුලින්ම ඔරු පදින්න පුරුදු වුණේ. ඒ නිසා මාදු ගඟේ ඔරු පදින්න අමුතුවෙන් පුරුදු වෙන්න ඕන වුණේ නැහැ.

ඔබේ නීතිඥ වෘත්තිය කලාවට බාධාවක් වෙලා නැද්ද?

මට ලැබෙන ඕනම චරිතයක් කරන මට්ටමේ නැහැ. නීතිඥ වෘත්තියේ ආචාර ධර්මවලට හානියක් නොවන චරිත තෝරා ගන්න හැම වෙලාවකට මම වගබලා ගන්නවා. කිසිම වෙලාවක වෘත්තීය කලාවට බාධාවක් කරගෙන නැහැ.

මේ වෙනකොට මෞලි නීතිඥවරයෙක් විදිහට වැඩ ආරම්භ කර ලද?

වෘත්තීය පැත්තෙන් ඉගෙනගන්න කාලේ ඉඳලම ආසාව තිබුණේ නඩු කතා කරන්න. මේ වෙනකොට මම අපරාධ සහ සිවිල් නඩු දෙකම කතා කරනවා. වෘත්තිය පැත්තෙන් සාමාන්‍ය පරිදි වැඩ කරගෙන යනවා.

ඒකාකාරි රාමුවෙන් පිට ආපු මෞලිට මේ වෙනකොට කොහොම ද ලැබෙන ප්‍රතිචාර ?

සමහරු කැමති මම සංවේදි චරිතම විතරක් කරනවට. නමුත් වෙනස් වීම හොඳයි කියන ප්‍රතිචාරත් ඒ අතර තියෙනවා.

කොහොම වුණත් අදටත් මම කරපු නිර්මාණ අතරින් මම ආසම නිර්මාණ උඩුගංයාම චිත්‍රපටය සහ අරුංගල් ටෙලි නාට්‍යය තාමත් මම සිරිමල්ට චන්ද්‍රරත්නට හරිම ආදරෙයි. මම කොච්චර වෙනස් චරිත කළත් තාමත් චන්ද්‍රරත්නලා. සිරිමල්ලාට සුනිමල්ලාගේ චරිත තුළ ජීවත්වෙන ප්‍රේක්‍ෂකයෝ ඉන්නවා. මේ සියල්ල අතරින් ඇරුංගල් ටෙලි නාට්‍යයේ චන්ද්‍රරත්න කියන්නේ මගේ රංගන ජීවිතේ හැමදාම ජීවත් වෙන චරිතයක්.

නදීශා අතුකෝරළ