සැමරුම් දෙකක් එකට සමරලා අකිල ඇන්තනී කියපු කතාව
පසුගියදා ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්දරට විශේෂ දවසක්. ඒ ඔහුගේ විවාහ සංවත්සරය වගේම එකම දියණියගේ උපන්දිනයද ඊයේ දිනට යෙදී තිබුණා. අකිල මේ හේතු කාරණා දෙකම එකට සමරලා තිබුණා. ඒ පවුලේ හිතවතුන්ද සමඟින්. ඒ සැමරුම්වල ඡායාරූප සහ සටහන් අකිල සමාජ මාධ්‍යවල පළ කරන්න අමතක කළේ නැහැ.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප සහ සටහනයි.
"ප්‍රාර්ථනාවලට ලොකු බලයක් තියෙනවා... සිත්ගන්නා සුලු අශිර්වාද, සුභ පැතුම්වලින් හැඩ උනු ඊයේ දවස ස්වර්ගයේ දවසක් තරමට ලස්සන උනා. මගේ ජීවිතයට ඇත්තටම වටිනා දේවල් හදවතින්ම සමරන පිරිසක් මැද ජීවත් වෙන්න ලැබීම වාසනාවක්... ස්තුතියි. ආදරේට ආදරෙයි.."