සෝමරත්නයන්ගේ සිංහබාහු සාර්ථක ගමනක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් අතින් නිර්මාණය වු විශිෂ්ඨතම වේදිකා නාට්‍යයක් ලෙස 'සිංහබාහු' වේදිකා නාට්‍යය හඳුන්වන්නට පුළුවන්. 'සිංහබාහු' නාට්‍ය සඳහා කේන්ද්‍ර වුයේ ඉන්දියාවේ ජනප්‍රවාද ඇසුරින් ගොඩ නැඟුණු මිථ්‍යා කතාන්තරයකි. අප්‍රේල් 18 වැනිදා සිට සිනමා ශාලා රැසක තිරගත වන්නට නියමිත 'සිංහබාහු' සිංහල චිත්‍රපටය ගැන තොරතුරු.

ලංකාවේ සිනමාවේ හැඩය වෙනස් කරමින් සරෝජා, සූරිය අරණ, සමනල තටු, සිරි පැරකුමි, සුනාමි, ජංගි හොරා වැනි වෙනස්ම විදියේ චිත්‍රපට නිර්මාණය කළ ආචාර්ය සෝමරත්න දිසානායක විසින් අධ්‍යඛ්ෂණය කරන අලුත්ම චිත්‍රපටය තමයි  'සිංහබාහු'  කියන්නේ. අප මෙතෙක් ඇසු සාමිප්‍රදායික සිංහබාහු කතාන්තරයට වඩා එහා ගිය 'සිංහබාහු' චිත්‍රපටය හරහා නවමු කතාවක් ඇසුරින් චිත්‍රපටය නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

'සිංහබාහු' චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස සිංහබාහුගේ පියාගේ චරිතය නිරූපණය කරන්නේ අකාලයේ මිය ගිය ජැක්සන් ඇන්තනී විසින්. සිංහබාහු චරිතය ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයා වන අකිල ධනුද්ධර විසින් සිදු කරයි. සුප්පා දේවියගේ චරිතය සිදු කරන්නේ සිංහල සිනමාවට හඳුන්වා දෙන අභිලාෂි ශන්තුෂ්කි විසිනි. අනෙකුත් උප ප්‍රධාන චරිත සිදු කරනුයේ දුෂේනි මියුරංගි, යශෝධා විමලධර්ම, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිසක්.

විශ්වා බාලසූරිය කැමරාකරණයෙන්ද, ජනක ප්‍රසාද් කලා අධ්‍යක්ෂණයෙන්ද, අජිත් රාමනායක සංස්කරණයෙන්ද, විදුර අබේධීර වේශ නිරූපණයෙන්ද, රමේෂා ඕෂධි ඇඳුම් නිර්මාණයෙන්ද, ප්‍රසන්න වීරකෝන් පසුතල නිර්මාණයෙන්ද 'සිංහබාහු' චිත්‍රපටය හැඩ වැඩ කරන්නට දායක වෙලා තිබෙනවා. සිංහබාහු චිත්‍රපටය ගාමිණි වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරිය දෙපළගේ සම නිෂ්පාදනයක්.