සමීපතමයෙකුගේ නික්ම යාම ගැන, සංවේදී වුණු අශිකා
ජනප්රිය රංගන ශිල්පිනි අශිකා මතසිංහගේ ෆේස්බුක් ගිණුමෙහි සංවේදී සටහනක් තබා තිබුණා. ඒ ඇයගේ සමීපතම අයෙකුගේ නික්මයාම පිළිබඳව. පහතින් දැක්වෙන්නේ ඇය එලෙස තබා තිබූ සංවේදී සටහනයි.
"මගේ පුන්චිඅම්මා මෙලොවින් සමුඅරන් කියලා තාමත් හිතාගන්න බැහැ මට. මරණය කියන්නෙ මහ පුදුමාකාර දෙයක් ...අනිත් පුන්චි ගැන බයෙන් හිටියෙ.. ඒත් නැතිවුනේ සිරිය පුන්චි ...(සිරියලතා රත්නායක ) මගේ නිලිය කියලා හරිම ආඩම්බරෙන් එයා මංගැන හැමෝටම කියන්නේ.. මාව පුන්චි කාලෙ බලාගත්තෙත් එයා.. වයසට ගියාම එයාව බලාගන්නව නේද කියලාත් මගෙන් අහපු එයා කාටවත් නොකියාම යන්නම යන්න ගිහින්.. කොච්චර දේවල් කියවල ඇත්ද මාත් එක්ක ඇයි දෙය්යනේ මෙච්චර ඉක්මනින් අපෙන් වෙන්වුනේ.. අන්තිමට පෙරේදා මට කතාකරල කිව්වෙත් අම්මව බලාගන්න පුතේ කියලා ..ආයෙ ඉතින් ඒ හඩ අහන්නෙ කොහොමද දෙය්යනේ ...ගොඩක් කාලෙකින් බලන්න එන්න ත් බැරිවුනා සිරිය ඇන්ටි අම්ම සනීප වුනාම එන්නම් කිව්වට ඔයා දැන් නෑනෙ ..අද උදේ ආරංචි උනත් තාමත් බලන් හිටියේ මේක බොරුවක් වෙයි කියලා .... ජීවිතේ ආදරනීයන් වෙන්වීම හරිම දුකක්.. කොච්චර බනදම් ඇහුවත් හිත හදාගන්න අමාරුයි .. පුන්චි ගෙ ඇස් දන්දුන්නා කියලාත් දැනගත්තා, ඒ පින් වල බලයෙන් ඔයාට නිවන් සුවයම ලැබේවා ! "