සමාජ මාධ්‍යයේ පතුරු ගැසූ දිනිති වල්ගමගේ කියන කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනිති වල්ගමගේ කියන්නෙ පුංචි තිරයෙන් ඔබට නිතරම වගේ මුණ ගැහෙන, ඒ වගේම සමාජ මාධ්‍යයේ කුමක් හෝ හේතුවක් නිසා නිරන්තර කතාබහට ලක්වන කෙනෙක්. එහෙම වුණත් දිනිතිට ආදරේ කරන බොහෝ දෙනෙකුත් ඉන්න බව රහසක් නෙවෙයි. පසුගිය දවස්වලත් දිනිති ගැන විවිධ දේ සමාජ මාධ්‍යයේ පළ වෙනවා අපි දැක්කා. මේ තියෙන්නෙ දිනිති කාලෙකට කලින් යූටියුබ් නාලිකාවකට කියපු ඇගේ කතාව.

ඔබත් ඒක කියවලා බලන්න.

"මම කියන්නේ හරිම තීරණ කෙළින් ගන්න කෙනෙක්.. මම එක තීරණයක් ගැනවත් පසුතැවෙන් නෑ. මම වගකීම ගන්නවා ඒවයේ.. මම ප්‍රශ්න කවදාවත් ප්‍රශ්නයක් කරගන් නෑ. අතීතය කියන්නෙ අතීතය... මට කරන්න දෙයක් නෑ. හැබැයි මම ඒවා ප්‍රසන්ට් එකට (වර්තමානයට) ගන්නවා. මට සතුටින් ඉන්න තිබ්බොත් ඒ ඇති.. ඇත්තටම මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. තාත්තා මට කියලා තියෙන්නෙ පොඩි ළමෙක් වගේ වෙන්න කියලා. දේවල් තියෙන ඒවයින් සතුටු උනාම හරි. මට ලොකු ලොකු බලාපොරොත්තු නෑ. මට හම්බෙන ආදායම හොඳටම ඇති..."

"මට පුලුවන් කාලේ මම වැඩ කරනවා. සමහර වෙලාවට මම දවස් දොළහක් එක දිගට වැඩ කරල තියනවා. ජොබ් එකයි ෂූටිනුයි නිසා. මගේ ජෙනරේශන් එකේ අයට වඩා මම වැඩ කරනවා. මට පුලුවන් කාලේ මම වැඩ කළා. මම මැරි කරන දවසකට ඉන්න පුලුවන් වෙන්න මම ෆවුම්ඩේශන් එක දාගන්නවා. මට මනුස්සයගෙන් සල්ලි ඉල්ලන්න බෑ. මම ඩිපෙන්ඩ් වෙන්න කැමති නෑ. එහෙම උනොත් එයා මාව කන්ට්‍රෝල් කරන්න බලයි. මම ඒකට කැමති නෑ..."

"...මම පුංචි දෙයක් කියන්නම්... මට ප්‍රපෝසල් එකක් ආව. එයා මට කැමති වෙලා තියෙන්නේ... හැමදේම දැකලා.. මම ෆ්ලයි කරන එක... රඟපාන එක.. හැමදේම... එයාලගේ අම්මා කිව්වා, අපි ඔයාව කියුන් කෙනෙක් වග‍ෙ තියන්නම් ඇට් කරන එකයි ෆ්ලයි කරන එකයි නවත්තන්න වෙයි කියලා... තාත්තා ඒ වෙලාවේ කියපු දේ දන්නවද...? මම අවුරුදු විසි ගාණක් දුවට එපා කියපු නැති දේ ඔයා එපා කියන්නේ කොහොමද කියලා.. මගෙ දුව කැමති උනත් මම මේ කසාදෙට කැමති නෑ කියලා තාත්තා කිව්වා. තාත්තා කොහොමත් මගේ ජීවිතේ වීරයා.."