සමාජ මාධ්‍යය කැළඹූ ෆොටෝව ගැන, හර්ෂිගෙ අක්කා කියන කතාව
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට විවිධ වූ ඡායාරූප, සටහන් ඇස ගැටෙනවා. චරිත ගොඩනඟන්න වගේම චරිත වට්ටන්නත් මෙකී සටහන් සහ ඡායාරූප ඉවහල් වෙනවා. මේ වගේ කතා ගොඩක් අහන්න දකින්න ලැබෙන්නේ ජනප්‍රිය චරිත සම්බන්ධව. ජනප්‍රිය රංගන ශිල්පිනි හර්ෂි රසංගාටත් එවන් අත්දැකීමකට මුහුණදෙන්න වෙලා. ඒ ඇයගේ එක්තරා ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම නිසාවෙන්.
කොහොම නමුත් ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකරම එහි මුල් ඡායාරූපය හර්ෂි රසංගා විසින් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණා.
එමෙන්ම මීට උත්තර දෙනවා වෙනුවට හර්ෂිගෙ අක්කා ද මෙවන් සටහනක් තබා තිබුණා.....
"සමහර එවුන්, මනුස්සයෙකුට මඩ ගහන්න ෆොටෝ එඩිට් කරන්න වැය කරන කාලය, ශ්‍රමය, හැකියාව වැඩක් ඇති හරවත් දේකට පාවිච්චි කරානම්, උංට මාර තැනකට එන්න තිබ්බා ඩිසයිනින් එඩිටින් පැත්තෙන් ඈ. එච්චර රියලිස්ටික් සිරාවටම."