සමාජ මාධ්‍යය කියන්නේ අපට ලොතරැයියක් වගේ දෙයක්
දිගු කාලයක් තිස්සේ සංගීත ක්ෂේත්රය තුළ රැඳී සිටි තරුණ ගායකයෙක් සමග අප මෙවර කතා කළා. ඔහු නමින් ගයාෂාන් විරවංශ. දැනට තමන්ගේම ගීත රැසක් එළිදක්වා ඇති ගයාෂාන් මේ දිනවල තවත් අලුත් නිර්මාණ කිහිපයකට යොමුව තිබෙනවා.
කාලයක් වෙනවා නේද ඔබ ගීත ගායනයට යොමු වෙලා?
මම විනෝදාංශයක් විදිහට තමයි සංගීතය කරන්නේ. දැන් වසර 13ක් පමණ වෙනවා මම සංගීතය කරන්න පටන් අරන්. මගේ පළමු ගීතය තමයි කව්දෝ.. එක මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ මා විසින් ලියපු පද රචනයක් මුල් කරගෙන තමයි නිර්මාණය කළේ. මම එම ගීතය 2016 වසරේදී මුලින්ම නිර්මාණයක් විදිහට එළිදැක්වුවා. ඒක තමයි මගේ සංගීත දිවියේ ආරම්භය කිව්වොත් හරි.
ඔබේ කරපු නිර්මාණ අතරින් බොහෝමයක් ජනප්‍රිය වුණා?
සමිතා මුදුන්කොටුව මහත්මිය එක්ක කරපු ආලෙන් නුඹ ඕනා.. ගීතය, ඈ ගාව.. ගීතය වගේම නුංධික සේනාරත්නේ එක්ක කරපු රිඳුනු මලක්.. සහ කල්පනා කාවින්දි සමග කියපු වංකගිරි ගමන.. ගොඩක් මිනිස්සු අතරට ගියා කියල මම හිතනව. සමිතා මහත්මිය එක්ක කරපු ගීතය සතියක් තුළ නැරඹුම් ලක්ෂයක් වාර්තා කළා යූ ටියුබ් එකෙන් විතරක්. ඒ සමාජ මාධ්‍යය හරහා පමණක් ප්‍රචාරයක් දීලා.
සමාජ මාධ්‍යය කියන්නේ අද නවකයින්ට ජනප්‍රිය වෙන්න පුළුවන් තැනක්?
සමාජ මාධ්‍යය කියන්නේ අපේ කාලයේ අයට ලැබුණු හොඳ වටිනා අවස්ථාවක්. ඕනි කෙනෙක්ට තමන්ගේ ඇඟේ තියෙන ආර්ට් එක නිර්මාණයක් හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. එකේ වෙනසක්, රසයක් තියෙනවා නම් මිනිස්සු ඒ නිර්මාණ එක්ක එකතු වෙනවා. ඉස්සර දක්ෂයින්ට ඉදිරියට එන්න තමන්ගේ නිර්මාණ මිනිස්සුන්ට පෙන්නගන්න ලොකු මහන්සියක් වෙන්න සිද්ධ වුණා. ඒ අතින් අපිට මේ ලොතරැයියක් ඇදුණ වගේ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ.
දැනට ඔබ කරපු නිර්මාණ ගැන තෘප්තිමක්ද?
මගේ නිර්මාණ මම කරලා තියෙන්නේ මට සතුටු වෙන්න පුළුවන් විදියට. මම කවදාවත් රැල්ලට ගීත හදලා නැහැ. මම හැමදාම මගේ ආර්ට් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ ආර්ට් එක මිනිස්සුන්ට ගැළපුණොත් ඒ අය මා සමග හැමදාම ඉඳිවි. එතකොට මට පුළුවන් මට අවශ්‍යය කරන නිර්මාණය ඒ අයට දෙන්න.
ඉදිරියට කරන නිර්මාණ ගැනත් කියමු..
මම මේ වෙද්දී ගීත පහකින් යුක්ත Mini Album (EP) එකක් අවසන් කරමින් ඉන්නවා. ඒක මේ වසර අවසානයේ නිකුත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එකේ තියෙන හැම ගීතයකටම වගේ ගීත රූප රචනා කරන්නත් මගේ සැළසුමක් තියෙනවා. ඊට අමතරව තවත් මගේම කියලා ගීත කිහිපයක වැඩ කරගෙන යනවා. ඒවත් ඉක්මනින් මගේ රසිකයින්ට අහන්න පුළුවන් වේවි.
බුද්ධික සේනාධීර