’’සුබ උපන්දිනයක් මගෙ බෝනික්කිට’’ දෝණිට සුබපැතුම් අරන් ආ, ගයාන්
ගයාන් සහ චතුරිකා යුවළ කලාව තුළ කතාබහට ලක්වෙන ඉතාමත් ජනප්‍රිය තරු යුවළක්නෙ. දැන් ඒ දෙන්නට වඩා ජනප්‍රිය ආදරණීය දෝණි කිව්වොත් හරි. හරිම හුරතල් මේ දෝණිට කවුරුත් ආදරෙයි. ඒ වැඩියෙන්ම සමාජ මාධ්‍යය හරහා දකින ආදරණීය ඡායාරූප හරහා. ඔන්න ඉතින් ආදරණීය දෝණිගෙ උපන්දිනේ යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් ගයාන් මේ විදියට සොඳුරු සටහනක් තබා තිබුණා.
"කියන්න වචන මදි
දැනෙන්නේ හැම හුස්මකම
ඔයා එක්ක ගෙවන මේ ජීවිතයම
සුන්දරයි වෙන කවදටත් වැඩිය.
සුබ උපන්දිනයක් මගෙ බෝනික්කිට
තෙරුවන් සරණයි පුතේ ඔයාට..."