සුපර්ණකා පේරාදෙණියේදී සහ පුංචි තියටර්හිදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කංචුකා ධර්මසිරි රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 'සුපර්ණකා' වේදිකා නාට්‍යය නොවැම්බර් 5 වැනි දින සවස 3.30ට සහ 7.00ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඊ. ඕ. ඊ. පෙරෙයිරා රඟහලේදී වේදිකාගත වේ.

මීට අමතරව  නොවැම්බර් 12 වෙනි දින සවස 3.30ට සහ 7.00 ට බොරැල්ල නාමෙල්-මාලිනි පුංචි තියටර් හිදීත් වේදිකාගත වීමට නියමිත මෙම නාට්‍යය,කලාත්මක ප්‍රබන්ධයක් ඔස්සේ සමකාලීන ජීවිතය විනිවිද දකින්නට දරන ප්‍රයත්නයකි.
ශූර්පනඛා නොහොත් සුපර්ණකා යනු රාවණ රජුගේ නැගෙණිය වන අතර රාමායණය තුළ ඇය පෙනී සිටින්නේ ද්විතීය චරිතයක් ලෙසිනි. ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත රාවණ පුරාවෘත්ත තුළද සුපර්ණකා යනු අවශේෂ චරිතයක් වන නමුත්, රාම-රාවණ ගැටුම පිළිබඳ කවර ආඛ්‍යානයක් තුළ වුවත්, එම ගැටුම ආරම්භ වන්නේ සුපර්ණකා ආශ්‍රිත සිදුවීමක් මුල් කරගෙන වන අතර ඉන්පසු, ඇය ප්‍රධාන ආඛ්‍යානයෙන් පසෙකට යන අතර රාජ්‍යත්වය, සමාජ චාරිත්‍ර, කුල ගෞරවය යනාදී මහේක්ෂ තේමා ඉදිරියට එයි. ඒ වෙනුවට කතාවේ කේන්ද්‍රයට සුපර්ණකා පැමිණියහොත්, තත්ත්වය කෙසේ විකාශනය වනු ඇති ද? මෙම නාට්‍යය තුළින් සුපර්ණකාගේ කතාව යළි පරිකල්පනය කරමින් ගවේෂණය කරන්නේ ඉහත ප්‍රශ්නයයි.

'සුපර්ණකා' නාට්‍යයේ නිර්මාණ දායකත්වය සඳහා උපේක්ෂා ලංකාතිලක, නයන්තරා සිල්වා, සමීර හේවගේ ඇතුළු පිරිසගෙනි. N O A S විසින් සංගීතවත් කෙරෙන මේ නාට්‍යයේ පසුතල නිර්මාණය නදීක හේවාකන්ඩම්බි සහ චතුරංග පෙරේරාගෙනි.

මාලන් විදානපතිරණ