සාප්පු සවාරියේ යන්න නම් එංගලන්තය, ඔස්ට්‍රේලියාව හොඳයි
මේ දිනවල කලා නිර්මාණ වැඩිපුර නොදකින හිමායා බණ්ඩාර දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිණියකි. දෙරණ රූපවාහිනියේ විකාශය වුණ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සොනලි ටිචර් ලෙස බොහෝ රසික පිරිසකගේ ආදරය දිනූ ඇය පසුගික කාලයේ නිරන්තරයෙන්ම විදෙස් රටවල දකින්නට ලැබුණි. මේ නිසාම අප ඇයගෙන් ඒ පිළිබඳව මෙසේ තොරතුරු විමසුවා.
හිමායා දැන් රටවල් කොපමණ ප්‍රමාණයක සංචාරය කරලා තියෙනවද?
මගේ මතකය හැටියට රටවල් 16ක විතර මම සංචාර කරලා තියෙනවා. ගිය රටවල් කිව්වොත් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, දකුණු කොරියා, ඩුබායි, කුවේට්, කටාර්, සිංගප්පුරු, මැලේසියා කියන රටවල් වලට ගිහින් තියෙනවා.
ගිය රටවල් අතරින් ඔබේ සිග්තම රටවල් මොනවද?
ජපානයට හා එංගලන්තයට මම ගොඩක් කැමති. ජපානයට නම් මම ගොඩක්ම ආස වුණේ ඒ රටේ තියෙන පිරිසිදුකමට. එංගලන්තයට නම් දේශගුණයට, පරිසරයට. ඒ වගේම ඒ රටේ ජිවත් වෙන මිනිස්සුන් හරි සුහදශිලියි. ජපානයෙත් එහෙමයි.
සාමාන්‍යයෙන් රටවල් වල සංචාරය කරන්නේ හිමායා කා සමගද?
ගොඩක් වෙලාවට මම යන්නේ තනිවම. හැබැයි ඒ රටවලට ගියාම මම දන්න ගොඩක් අය ඉන්නවා. ඔය ප්‍රසංගවලට වගේ ආරාධනා ලැබෙන කොට නම් අපි පිරිසක් එක්ක තමා ඒ ගමනට යන්නේ. නැත්නම් බොහෝ වෙලාවට මම තනියම තමයි විදෙස් රටවල සංචාරය කරන්නේ.
සංචාරය කරපු රටවල අතරින් අමතක නොවන සිදුවීම් එහෙම ඇති හිමායාට?
විදෙස් රටකට යනවා කියන එකම අමතක නොවන සිදුවීමක් මට. ඒ වගේම විදෙස් රටවල සහභාගි වෙන ප්‍රසංගවලදී ලැබෙන රසික ප්‍රතිචාරත් මගේ අමතක නොවන සිදුවිම් අතර තියෙනවා.
ඔබට හිතෙන විදිහට සාප්පු සවාරියේ යන්න සුදුසුම රට මොකක්ද?
සාප්පු සවාරියේ යන්න නම් හොඳම රට විදිහට මම දකින්නේ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඩුබායි කියන රටවල් ටික. හැබැයි ඉතින් මම සංචාර කරපු හැම රටකම පාහේ මම සාප්පු සවාරියේ නම් ගියා. ගොඩක් මතකයේ හිටින බඩුත් ගත්තා.
විදෙස් රටවල්වලින් ඔයා ගත්තු අමතක නොවන දේවල් මොනවද?
මම පොඩි බැග් තුනක් ගත්තා. හැබැයි මට මතක නැහැ ඒ රට මොකක්ද කියලා. තාමත් ඒ බැග් තුන මා ගාව තියෙනවා සුරක්ෂිතව. ඒ තරමට මම ඒ බැග් තුනට ගොඩක් කැමතියි. තව සපත්තු, නිමි ඇදුම් වටිනා ඔරලෝසු කිහිපයක් මිළදි ගත්තා පිටරවල සංචාර කරන කොට. ඒවා තමයා මම ගත්තු වටිනාම දේවල්.
බුද්ධික සේනාධීර