සොඳුරු ළමා කාලයේ මතක අලුත් කරන අශිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එදා රූපවාහිනි තිරයෙන් දුටු ඒ රුව අදටත් ඒ වගේමයි. දරුවො තුන්දෙනෙක්ගෙ ආදරණීය මවක් වෙලත් ඒ රූපය නම් කිසිම වෙනසක් වෙලා නෑ. මේ කියන්නෙ පුංචි තිරය හැඩකරන සුන්දර අශිකා ගැන. ඇය තැබූ අපූරු මතක ආවර්ජනයක් අපේ ඇස ගැටුණා.

"ඒ සෙල්ලම් කාලෙ ආයෙ එන්නෙ නෑ. කෑම මේසෙ යට හදපු සෙල්ලම් ගෙවල් අමතක වෙන්නෙ නෑ. ආයෙ එක වහලක් යට එක අම්මගෙ තුරුලෙ නිදන්නට බෑ. අම්මා ළඟ නිදන්න රන්ඩු කරපු කාලෙ ආයෙ එන එකක් නෑ. එක චොකල්ට් එක තුනකට කඩාගෙන එක බත් එක තුනට බෙදාගෙන කෑම රස බලන්න දවසක් ආයෙ කවදා ඒයිද දන්නෙ නෑ ඉතින්. අපි තුදෙනා අද තැන් තුනක. නංගී ගෙ whatsapp profile පින්තූරෙ දැක්කම ගොඩක් සිතුවිලි හිතට ආව ඉතින් ..දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා !..."