සුන්දර ඕෂධි, එකපාරටම ඇයි මෙහෙම කතාවක් කියන්නේ
සමාජ මාධ්‍යය කියන්නෙ විවිධ සටහන් හුවමාරු වන අපූරු තැනක්. ධනාත්මක වගේම සෘණාත්මක දේවල් ඒ අතර දකින්න පුළුවන්. ඔන්න ඉතින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ඕෂධි හිමාෂා එලෙස තබන ලද සටහනක් ඇයගේ මුහුණු පොතෙන් අපිට දකින්න ලැබුණා. මේක හරි ලස්සන කතාවක්.. කියවලාම බලන්නකො..
"මං ආසම ලෝබ නැතුව මිනිහෙක්ව අගයන මිනිස්සුන්ට මිනිහෙක්ගෙ දියුණුවක් දිහා බලාගෙන සතුටු වෙන නිහතමානී මිනිස්සුන්ට හිතේ කහටක් නැතුව මිනිහෙක්ට ආශිර්වාදයක් වෙන මිනිස්සුන්ට දේවල් දිහා ධනාත්මක විදිහට බලන මිනිස්සුන්ට ඕනම නරක දෙයක් ඉස්සරහත් තියෙන හොදම දේ ගැන හිතල සතුටින් ඉන්න මිනිස්සුන්ට අඩුපාඩු අස්සෙන් උනත් තමන්ගෙ ගමන යන මිනිස්සුන්ට හිත් අස්සෙ කුහකකම් නැති හදවත ලස්සන මිනිස්සුන්ට මිනිහෙක්ගෙ සතුටක් ලඟ හදවතින්ම සතුටු වෙන මිනිස්සුන්ට හීන වෙනුවෙන්කැ පවෙන ගමන් අනුන්ගෙ හීන වලටත් පන දෙන්න උත්සහ කරන මිනිස්සුන්ට කොටින්ම මං ආසම පාඩුවෙ ජීවත් වෙන මිනිස්සුන්ට "