සැන්ඩෝ හැරිස්ගේ පුතණුවන්ගේ සංවේදී සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙස අතිශය ජනප්‍රිය සැන්ඩෝ හැරිස් ජීවිත ගමනින් සමුගෙන දැනට අවුරුද්දක්. සිනමාවෙත්, පුංචි තිරයෙත් විවිධ චරිත රඟදැක්වූ සැන්ඩෝගේ හදිසි වියෝව බොහෝ දෙනෙක් කම්පනයට පත් කළා. ඔහු නික්මී වසරක් සපිරෙන මොහොතේ ඔහුගේ ආදරණීය පුතණුවන් සංවේදී සටහනක් තබා තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන.

මගේ පන අදට ඔයා නැති වෙලා අවුරුද්දක් වෙනවා. ජීවිතේ හැමදාම බයෙන් හිටියා දවසක ඔයා නැති උනොත් කියලා ,මොකද ඔයාගේ හාට් එකේ ප්‍රශ්ණේ ගැන පොඩි කාලේ ඉදන් අපි දැනගෙන හිටිය නිසා. ඩැඩි ඔයා ජීවත් වෙලා ඉද්දි මම ඔයාව සතුටින් තිබ්බා.මම හැමවෙලාවෙම උත්සාහ කරේ කොහොම හරි මොනා හරි දේකින් ඔයාව සතුටින් තියන්න මොකද ඔයාගේ මුළු ලෝකයම වෙලා තිබ්බෙ අපි හතරදෙනා. ඔයා ගේට්ටුව ලගට ඇවිත් කාර් එකේ හෝන් එක ගහනකන් අපි හතරදෙනා පිස්සුවෙන් බලන් හිටියේ මොකද `ඔයා අපේ රජ්ජුරුවෝ ´
ඔයා එනකම් අපි ඔයා දුර ශෝ එකකට ගියත් කොහේ ගියත් ඔයා එනකම් හරිම ආසාවෙන් බලන් ඉන්නවා,ඔයා මොන රටකට ගියත් උපරිම මාස තුනකට වඩා හිටියේ නෑ මොකද අපෙන් වෙන්වෙලා ඉන්න බැරි නිසා.මම තමයි පළවෙනි වතාවට අපි පස්දෙනාගෙන් මෙච්චර කාලයක් වෙන්වෙලා හිටියෙ ඒත් මන් දවස ගානේ ඔයාව බලන්න, සිප ගන්න පිස්සුවෙන් වගේ බලන් හිටියා ඒක ඔයත් දන්නවා,ඔයා කියපු නිසා තමයි මම තව මාස 6ක් එන්න පරක්කු වුනේ.ඒත් දැන් මට මුලු ජීවිත කාලෙම ඔයාව සිප ගන්නවා කියන්න,මගෙ තාත්තව සිප ගන්න කියන එක ඔයාගේ ඒ ලස්සන හිනාව ඔයා කියන කතා මට ඒ හැමදෙයක්ම හීනයක් විතරයි.ඔයා දන්න්වානම් මේ අවුරුද්ද ගෙවපු විදිය එක දවසක්වත් ඔයාව අමතක වෙලා නෑ මන් දවස ගානේ දුක් වෙනවා මට ඔයාගේ වළට පස් ටිකක් දාන්න බැරි උන එකට මට ඒ පින නැතුව ඇති,හිතේ ගොඩාක් දේවල් හිර කරන් තියන් ඉන්නවා දවසක ඔයාව හම්බුනාම ඔයාට කියන්න ඩැඩි මන් ගොඩාක් ශක්තිමත් මොකද ඔයා මට හැමදාම කිව්වෙ හැගීම් වලට වහල් වෙන්න එපා මුළු ලෝකෙම කඩන් වැටුණත් උබ උබේ කකුල් දෙකෙන් හිටගන්නවා කියලා හිතපන් උබ හුස්ම ගන්න හැමවෙලේම මන් හුස්ම ගන්නවා කියලා හිතපන් කියලා,ඔයා ගැන කියන්න වචන නෑ ඔයාගේ හදවත මන් දන්නවා මන් ඔයාගේ ලොකු පුතා ඔයා මගේ මුළු ජීවිතේම හදලා මගෙන් ඔයා දකින්න ආස හැමදේම මන් ඔයට පෙන්නුවා ඔයා වෙනුවෙන් මන් මගේ ජීවිතයම වෙනස් කරගත්තේ ඔයාට තියෙන ආදරේට ඩැඩි,පොඩි කාලේ ඉදලා ඔයා දිහා මන් ගොඩාක් ආසාවෙන් බලන් හිටියා ඔයා මට හතරදෙනෙක්ව දීලා ගියා,ඔයා ඉද්දිත් රජෙක්ට වගේ ආදරෙන් අපේ ගෙදර මල වගේ බලාගත්තා,ඔයා මිනිස්සුන්ට කරපු හොද දේවල් දැන් මට ඒ ආදරේ ලැබෙනවා ඔයා නැති උනත් ඔයාගේ හොද හිතට ආදරේ අය මාත් එක්ක ඉන්නවා,ඔයාගේ නම අමතක වෙන්න දෙන්නෙ නෑ ඔයා වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවා මට මගේ ඉලක්කය ලබන ආත්මේ ඔයාගේ පුතෙක් නොවෙනවනම් මට ආත්මයක් එපා මගේ ඩැඩි පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරෙයි මන් ඔයාට මාත් එක්කම ඉන්න මාව පුලුවන්නම් එක පාරක් සිපගන්න මන් නිදාගත්තම මගේ සිහින වලට එන්න මගෙත් එක්කම ඉන්න ආදරෙයි ඩැඩි