සිංදුවක් වොයිස් කරන්න කියලා එන්න කිව්වාම තමයි, එක පාරටම මට අයියෝ කියලා කියැවෙන්නේ
අයියෝ සාමිනී යෙනකූ වේනාම්
පොයි පොයියා සොලී
හෙමත් එනදු පෝදුම්
මනසාත්රියෙයි නී විලි පේසිනායි
අඩනී සුල්ලනී මනසනා
අයියෝ සාමිනි යෙනකු වේනාම්
පොයි පොයියා සොලි
හෙමත් එනදු පෝදුම්.
දන්නවනෙ මේ වින්ඩි කියන්නෙ කවුද කියලා? රූකාන්ත – චන්ද්‍රලේඛා යුවළගේ දෙවැනි දියණිය ඇයයි. ආදරණීය රූකාන්තයන් මේ දියණියට ‘‘වින්ඩි’’ කියලා නම දැමීම කොයිතරම් නම් ප්‍රායෝගිකද වග අද ඇය අපූරුවට සනාථ කර ඇති මොහොතකි මේ. වින්ඩි ගායන ලෝකය සුළඟක් සේ නොව සුළි සුළඟක් සේ කැළඹූ මොහොතකි මේ. ඒ ඇයගේ ප්‍රථම මියුසික් වීඩියෝව වන ‘‘මේ අයියෝ සාමිනී යෙනකු වේනාම්’’ ගීතය නිසායි. වින්ඩි, එහෙමත් නැතිනම් සුළඟ වගේ වූ මේ රිදී සීනු නද ඇති වින්ඩි ගුණතිලක එක්ක අපි අයියෝ සාමිනී ගැන සහ තවත් විස්තර කතා කරමු.
වින්ඩි මේ දවස්වල හරියට සුළඟ නේද?
කොහොමද ඕකට මම උත්තර දෙන්නෙ, මම දන්නෙ නැහැ.
වින්ඩි ඇත්තටම කැමති සුළඟටද? අව්වටද? වැස්සටද?
අව්වට ආසයි.
අව්වෙ පහස ලබන්න ලංකාවේ යන්න කැමතිම තැන සහ පිටරට නම් පිරටරටක කොහේද?
ලංකාවේ ඉතින් ඕනෑම දිහාවක් හොඳයි. ලංකාවේ තමයි ආසම.
වින්ඩි මේ දිනවල යුටියුබ් ජාලය කළඹලා, අයියෝ මොකද මේ කළේ?
මම දන්නෙත් නැහැ මොකද වුණේ කියලා.
අයියෝ ‘‘සාමිනි’’ මේක දමිළ ගීතයක්. මේ විදිහට ඔබගෙ පළමු මියුසික් වීඩියෝව දමිළ භාෂාවෙන් කරන්න හේතු වුණේ?
මේක ඇත්තටම සනුකගෙ අදහසක්. මෙලඩි එක හදලා, මේ සිංදුව ඉස්සෙල්ලාම ලියුවෙ සිංහලෙන්. ඊට පස්සෙ තමයි සනුකට හිතිලා තියෙන්නෙ වෙන භාෂාවකින් කළොත් හොඳයි කියලා. ඊට පස්සෙ ‘‘අස්මින්’’ තමයි ටැමිල් එක ලියුවේ. ඒක ලස්සනට ආව නිසා ටැමිල් එක කළොත් හොඳයි කියලා හිතුවා. අපි ටැමිල් වර්ෂන් එක කරලා ගෙදර අයට අහන්න දුන්නාම එයාලා කැමිති වුණෙත් ඒ ගීතයට. ඉතින් ඒ නිසා ඒක මුලින් රිලීස් කළා.
ඒ කියන්නෙ සිංහල එකකුත් එනවා?
ඔව්.
ඒකෙ වචන එන්නෙ කොහොමද?
ඒක සප්‍රයිස් එකක්.
වින්ඩිට දමිළ භාෂාව පුළුවන්ද?
බැහැ. පොඩ්ඩක්වත් බැහැ. මම දමිළ ඉගෙනගෙනත් නැහැ.
එතකොට මෙච්චර ලස්සනට වචන උච්චාරණය කරන්න කළ හාස්කම මොකක්ද?
අසිමිත්, එයාගෙ ගායනා කරන යාළුවකුට කියලා වචන උච්චාරණය කරන විදිහ අපට එව්වා. ඒක මට අහන අතරේ තමයි පේලියෙන් පේලියට වොයිස් කළේ.
දැන් එක දිගට කියන්න පුළුවන්.
ඔව්. ඔව්. දැන් කටපාඩම්.
වින්ඩි දැන් හරියට ඉතා හොඳින් වචන උච්චාරණය කරමින් ගීත ගයන දමිළ ගායන ශිල්පිනියකට වඩා හොඳයි කියලා අපි කිව්වොත්?
එහෙම නම් ඉතින් නියමයි නේ.
ප්‍රතිචාර වැඩිපුර තියෙන්නෙ ලංකාවෙන්ද? ඉන්දියාවෙන්ද? මොකද මේ ගීතය රිලීස් කරලා සති දෙකක් යන්නට පෙර මිලියන හතරක් නරඹලා තිබෙනවා?
දැනට නම් ලංකාවෙන් තමයි. ඉන්දියාවෙනුත් හොඳ ප්‍රතිචාර ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම තමිල්නාඩුවලින් එහෙම.
මේ නිසා ප්‍රසංගවලට වින්ඩිට ඉන්දියාවෙනුත් ඉල්ලුමක් ඒවි නේද?
කොහොම වේවිද දන්නෙ නැහැ.
කොහොම වුණත් වින්ඩි අයියෝ සාමිනී නිසා සුළි සුළඟක් සේ ලෝකයේ හමා යන්න වගේ හදන්නෙ?
අනේ මන්දා.
මේ විදියට ගීතයක් කළේ, ලෝක තලයට යන්න හිතාගෙනමද?
එහෙමම නෙවෙයි, ඒත් සනුකට කොහොමටත් ඒ වගේ අදහසක් තිබුණා. එයා තවත් ගීත කීපයක් වෙනුවෙන් මියුසික් නිර්මාණය කරලා තිබුණා. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් අපි ඒක හිතාගෙනම නෙවෙයි මේ ගීතය කළේ.
මේ ගීතයට සංගීතය කරද්දි තාත්තාගෙන් මොනවගේ දායකත්වයක්ද ලැබුණේ?
ඇත්තටම මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ සනුක විතරයි. ඒත් තාත්තගෙ සංගීත ශෛලියේ පොඩි මුසුවීමක් තියෙන වග පේනවා. ඒත් මේ ගීතයෙන් සංගීත නිර්මාණය කරන්න සම්පූර්ණයෙන්ම දායක වුණේ සනුක. සමහර අය අහන්නෙ තාත්ති උදව් කළාද කියලයි. ඒත් එහෙම නැහැ.
වින්ඩිගෙ මේ කී වැනි ගීතයද?
තුන්වැනි ගීතය. ඒත් මියුසික් වීඩියෝවක් කළ පළමු ගීතය මේක.
මේ විදියට හැමූ සුළි සුළඟ කොහේ ගිහින් නතර වේවිද? කාලයක් ඇමෙරිකාවෙ හිටපු නිසා එහෙට ගිහින් නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
සෑම ශෛලියකම ගීත අහනවා. බටහිර ගීතයක් කරන්න කියලා තවම එහෙම ලොකුවට හිතිලා නැහැ. කරලා බලන්න ඕනෑ.
මේ අයියෝ සාමිනි හදලා ඉවර වුණාට පස්සේ සනුක ඇවිල්ලා මොනවද කිව්වේ.
එහෙම විශේෂ දෙයක් කිව්වෙ නැහැ. අම්මලා එහෙම ඇහුවට පස්සෙ, කිව්වෙ බොහෝ අය මේ ගීතයට කැමති වේවි කියලයි.
රයිනි මොනවද කිව්වේ?
අක්කිත් ටැමිල් සෝංග් එකක් කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් අවදානමක් ගන්න කැමති නැති කෙනෙක්. ඉතින් අක්කිත් මේ ගීතය අහලා සතුටු වෙන්න ඇති. එයත් අයියෝ සාමිනි අහලා පුදුම වෙන්න ඇති.
අයියෝ සාමිනි සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වීම ගැන වින්ඩිට දැනෙන හැඟීම මොන වගේද?
හරිම සතුටුයි. මොකද මීට ඉස්සෙල්ලා මේ විදියෙ අත්දැකීමක් ලබලා තිබුණෙ නැහැ. හ්ම්.... ඔව්... මට හරි සතුටුයි. පළමු මියුසික් වීඩියෝ එකටම මේ විදියට ප්‍රතිචාර ලැබීම ඇත්තෙන්ම ලොකු සතුටක්.
මේ මියුසික් වීඩියෝ එක රූගත කිරීමේදී වෙනස් වෙනස් ලොකේෂන් හොයාගෙන ගිහින් නැහැ?
මේ අදහස ප්‍රසාද් අලුත්වත්තගෙ. විහායස් ප්‍රඩක්ෂන් තමයි මියුසික් වීඩියෝව කළේ. මගේ ඇඳුම්, මේක්අප් ඇතුළු සියලු දේ සඳහා සංකල්පය එයාලගෙ. අපි මේ වීඩියෝව කළේ, රටේ තෙල් අර්බුදය තිබූ කාලයේදි. ඉතින් හරිම සීමිත විදියට තමයි අපට සම්පත් භාවිත කරන්න ලැබුණෙ. මේක සිම්පල් තමයි, ඒත් දැනෙනවා වැඩියි වගේ.
ඉතින් ‘‘වින්ඩි’’ ජීවිතේ කොහොමද?
හොඳයි. මේ දින ටිකේ ටිකක් කාර්යබහුල වුණා.
කොහොමද වින්ඩිගෙ ආදරේ?
ආදරෙත් හොඳයි.
සනුක එක්ක යුග ගීයක් ගයන්න හිතෙන්නෙ නැද්ද?
අපි කරලා තියෙනවා ගීත දෙකක් වගේ. මියුසික් වීඩියෝ එකක් කරන්න ඕනෑ.
වින්ඩිට ‘අයියෝ’’ කියලා කියැවෙන්නෙ මොන වගේ අවස්ථාවලදිද?
සිංදුවක් වොයිස් කරන්න කියලා එන්න කිව්වාම තමයි, එක පාරටම මට අයියෝ කියලා කියැවෙන්නේ.
ගෙදරදි රසට උයන්න පුරුදු වෙනවලු මේ දිනවල?
කවුද එහෙම කිව්වෙ. එහෙම නැහැ. මම ආසයි උයන්න. අම්මි කියලත් දෙනවනෙ. හැබැයි ඉතින් අම්මි තමයි උයන්නෙ. අපෙ අම්මි උයන කෑම රසයි.
චන්ද්‍රලේඛා ස්පෙෂල් වට්ටෝරුව මොකක්ද?
අම්මි හදන පැස්ටාවලට තමයි මම ආසම. එයා ශ්‍රී ලංකන් රසයට ඒක හදන්නෙ. ඒ නිසා හරි ආසයි මම. අම්මි හදන ඕනෑම කෑමකට ආසයි. බත් ව්‍යාංජන වගේම බිරියානි එකත් රසයි.
‘‘වින්ඩි’’ විවේකය ගෙවන්න ආසම විදිය?
පොත් කියවන්න. මූවිස් බලන්න, ෆෝන් එකෙන් ගේම්ස් ගහන්න. දවසේ සමරි එක ඩයරියේ ලියන එක මගේ පුරුද්දක්.
සඳුන් ගමගේ