සුදු ඇඳගෙන කළු වැඩකරන මිනිසුනුත් කලු ඇදගෙන සුදු වැඩ කරන මිනිසුනුත් ඕනෑ තරම් ඉන්නවා
රංගන ශිල්පිනියක් නිරූපිකාවක් ලෙස මෙන්ම නිවේදිකාවක් ලෙස ද ඇයව හඳුන්වා දිය හැක. ඩිලුෂි හංසිකා නම් රුමත්,හැමදාම ත් ලස්සනට අදින ඇය ට මෙවර ෆැෂන් පිටුව සරසන්නට ආරාධනා කලෙමු.
ඔබ බොහොම ලස්සනට අඳින කෙනෙක්. විලාසිතා වලට ගොඩක් කැමතියිද?
මම ආසම විෂයක් තමයි විලාසිතා කියන්නේ. මම හිතනවා කය ලස්සනට තියන්න වගේම අපේ මනස සතුටින් රඳවා ගන්නත් විලාසිතා කියන විෂෙයන් මනා පිටුවහලක් ලැබෙනවා කියලා.
විලාසිතා කියන විෂය ඔබ දකින්නේ කොහොමද?
විළි වසා ගැනීමට නිර්මාණය වුණු ඇඳුම් කියන දේ අද වෙනකොට රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙමින්, වටිනාකම් ගොඩක් එකතු වෙලා ලෝකයේම අවධානය දිනා ගන්න පුළුල් විෂයක් බවට පත් වෙලා. අද වන විට මිනිසුන්ට නැතුවම බැරි විෂයක් බවට විලාසිතා පත්වෙලා කියලයි මටනම් හිතෙන්නේ.
පොදුවේ ඔබ විලාසිතාවක් තෝරා ගැනීමේදී මොන වගේ කරුණු කෙරේ ද සැලකිලිමත් වන්නේ ?
අංක එකටම මම හිතන්නේ මම අඳින ඇඳුමේ පහසුව ගැන. මොන තරම් වටින ඇඳුමක් වුණත් ඇඳන් ඉන්නේ අපහසුවෙන් නම් එයින් වැඩක් වෙන්නෙ නැහැ නේ. අනිත් කාරණය තමයි මගේ ඇඟේ හැඩය .මම හරිම කැමතියි මට ගැළපෙන මගේ ඇඟේ හැඩය ලස්සනට පේන විලාසිතා වලට.
ඔබට වඩාත්ම ගැලපෙන විලාසිතාව මොකක්ද ?
කොයි ඇඳුමත් මගේ ඇඟට ලස්සනයි. නමුත් ගවුම් ඇන්දාමයි, ඔසරිය ඇන්දාමයි කාගෙත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ...මගේ මුහුණේ පෙනුමයි ශරීරයෙ උසයි එක්ක ඔසරිය ගොඩක්ම ගැළපෙනවා කියලා බ්‍රයිඩ්ල් ෂෝ වලදි පවා ගොඩක් අය කියනවා .
විලාසිතා කිරීමේදී වැඩිපුරම තෝරා ගන්නා පාට?
මම හරිම ආසයි මගෙ සමේ පැහැය තවත් එළිය කරන කහ පාට, තැඹිලි පාට වගේ පාට වලට. කළු සුදු පාට නම් විලාසිතාවලදී මම තෝරා ගන්නේ හරිම අඩුවෙන්.
තෝරා ගන්න විලාසිතාවට ගැලපීම කරන්නේ කොයි විදිහටද?
තැනට ගැළපෙන විදියට හරිම ලස්සනට විලාසිතා කරන්න කැමැති කෙනෙක් මම. මම පුරුදු වෙලා තියෙන විදිහට නිවසින් එලියට යන සෑම වෙලාවකම ලස්සනට අඳිනවා. මම ගොඩනඟා ගත් ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න ඕන කියලා මම නිතරම හිතන කෙනෙක්. ඒ නිසා ආවට ගියාට ඔහේ එලියට යන්නේ නැහැ.සෙරෙප්පු දෙකක් දාලා ඩෙනිමක් ඇඳලා ටී ෂර්ට් එකක් ඇන්දත් ඒකත් මම හරි පිළිවෙලට කරන්න උත්සාහ කරනවා .
විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුකරණය කරන්න උත්සාහ කරනවා ද ?
නැහැ. නිතරම වෙනස් වෙන විලාසිතා ගැන අවදානයෙන් හිටියත් මම කවදාවත් කාවත් සියයට සීයක්ම අනුකරණය කරන්නේ නම් නැහැ. මට ඕනේ මමම වෙලා විලාසිතා කරන්න නිසා මට අවශ්‍ය විලාසිතාවක් තියෙනවා නම් අවශ්‍ය කෙනෙකුට කියලා නිර්මාණය කර ගන්නවා හැරෙන්න තව කෙනෙකු සියට සීයක් නම් මං කවදාවත් කොපි කරලා නැහැ .
ඔබ කරන විලාසිතා අන් අය අනුකරණය කරනවාද ?
ඔව් මම කරන විලාසිතා නං නිතරම තරුණ යුවතින් අනුකරණය කරන බව අහන්න දකින්න ලැබෙනවා . ඇතැම් වෙලාවට ඡායාරූප අරන් එවන වෙලාවලුත් තියෙනවා .මම අඳින ඇඳුම් පැලඳුම් වගේම සමහර වෙලාවට කතා කරන විදිය ,හැසිරෙන විදිය පවා මට ආදරය කරන පිරිස අනුකරණය කරනවා.
විලාසිතා කරන්න වයසක් තියෙනවා කියලා ඔබ හිතනව ද ?
මම හිතන්නේ අපි කවුරුත් වයසට ගැළපෙන විදියට විලාසිතා කළ යුතුයි. එහෙම නැති වුනොත් දන්නෙම නැතුව තවත් කෙනෙකුගේ හිනාවට ලක් වෙන්න පුළුවන් .
ලස්සනටම සැරසුණු දවස?
හැමදාමත් වගේ ලස්සනට අඳින්න පුළුවන් වාසනාවක් මට ලැබිලා තියෙනවා .ලඟදි ම මතකයක් තියෙන්නේ පසුගිය දා පාසලක උත්සවයකට මම දමිළ සම්ප්‍රදායට අනුව සැරසිලා ගියා එක. එදා කාගේත් හොද ප්‍රතිචාර ලැබුනා.
ඔබ කරන විලාසිතා අගය කරන්නේ කොහොමද ?
හැමෝම කටපුරා ඔයා හරිම ලස්සනයි කියලා නම් නිතරම කියනවා .එහෙම අහන හැම වෙලාවකම හිතට ලොකු සතුටක් දැනෙනවා
ඔබ වඩාත්ම කැමති මොන රටවල් වල විලාසිතා වලටද?
මම හිතන්නේ සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුම් මගේ ඇඟට ගොඩක් ලස්සනයි කියලා.
ගැලපෙන විදියට විලාසිතාවක් කරහම මොන වගේ දෙයක්ද හිතට දැනෙන්නේ ?
වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. ආත්ම තෘප්තියක් .ආත්ම අභිමානයක් සිතට දැනෙනවා.
කෙනෙක්ව ඇඳුමකින් මනින්න පුලුවන්ද ?
මම හිතන්නේ කෙනෙක්ව ඇඳුමකින් මනින්න බැහැ. නමුත් අදටත් ඒ දේ අපේ සමාජෙය අඩුවක් නැතිව සිද්ධ වෙනවා. මොකද සුදු ඇඳගෙන කළු වැඩකරන මිනිසුනුත් කලු ඇදගෙන සුදු වැඩ කරන මිනිසුනුත් ඕනෑ තරම් ඉන්නවා .
පුංචි කාලෙදි විලාසිතා කරපු විදිය මතක තියෙන්නේ කොහොමද?
පවුලේ එකම දියණිය නිසා මට අඩුපාඩුවක් නැතුව ඇඳුම් පැළඳුම් නම් එදා ඉදලම තිබුණා... පුංචි කාලෙ බෝනික්කියක් වගේ ලස්සන නිසා අම්මලා හැමදාම මට ලස්සනට අන්දලා තියෙනවා .ඇඳුමෙ පාටට සපත්තු,කොන්ඩ බූල්, කොන්ඩ කටු, වගේම තොප්පි දාලා ලස්සනට ගත්ත පින්තූර අදටත් මගේ ගාව තියෙනවා. තේරෙන කාලේ ඉඳලා මම ලස්සනට අදිනවා.අදටත් ඒ පුරුද්ද එහෙමම තියෙනවා.
අන් අයට උපකාර කරන්නත් ඔබේ විලාසිතාවන් ඔබ උපයෝගී කරගත්ත ද?
යම් කිසි කෙනෙක් කිව්වොත් තමන්ගේ පුංචි ව්‍යාපාර කටයුත්තේ දියුණුව වෙනුවෙන් ඇඳුමක් ඇදලා,සපත්තු දෙකක්, හෑන්ඩ් බෑග් එකක් දාලා පින්තූරයක් අරන් ඒ ඒ දේවල් ප්‍රසිද්ධ කරන්න කියලා මම බොහොම කැමැත්තෙන් ඒ දේවල් වලට සහභාගි වෙනවා. එහෙම ව්‍යාපාර පටන් ගත්ත අයට අත දීලා ඒ අයගේ ව්‍යාපාර දියුණු මට්ටමට ඇවිල්ල තියෙනව. එ වගෙ මට පුළුවන් උදව්වක් පුළුවන් හැම වෙලාවෙම හැමෝටම කරනවා.
අසුන්තා එදිරිසූරිය