ස්තුතියි මඩ ගහපු හැමෝටම ! - මුල්වරට අරගල බිමට ආපු, කුසුම් රේණු කියපු කතාව
පුංචි තිරයෙත්, රිදී තිරයෙත් අපූරූ රංගනයන් සිදු කළ, ශිල්පිනි කුසුම් රේණුත් පසුගිය දවසක නිර්පාක්ෂික අරගලයට සහය දෙන්න ඇවිත් සිටියා.
සුදත්ත තිලකසිරි සමඟ ඇය කළ කතාබහක් තමයි මේ පහළින් තියෙන්නෙ.
ප්රථම වතාවට තමයි කුසුම් අක්කා අරගලයට එකතු වෙන්නේ? මොකද්ද දැනෙන හැඟීම? අපිත් ඔයාට මඩ ගැහුවා? ඔයා දැන් එළියට ඇවිත්....
ඇත්තටම කියන්න ඕනි, මට ගහන්න ගහන්න මට දැණුනා මම කොයි තරම් ප්රබල චරිතයක් ද කියලා මේ රටේ. ඒකට ස්තුතියි මඩ ගහපු හැමෝටම පින්. ඊළඟ කතන්දරේ තමයි, ඊයේ රෑ වෙනකන්ම ප්රවෘත්ති බැලුවා. රජයක් පත් කරන්න අපි උදව් කළාට. රට, ජාතිය, මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වුණාට..
එදා රැයින්ම ඡන්දය සළකුණු කෙරුවාම සියල්ල අත්ඇරියා. අපි ඇල්පැනිති තුඩක දේකට, පෞද්ගලිකව මම කිසි තැනක ඉච්ඡාභංගත්වයට පත් වෙලා කරන කතාවක් නෙවෙයි මේ. මම බලාපොරොත්තු වුණු එක දෙයක් තිබුණා. මගේ රටට, මගේ මිනිස්සුන්ට සමඟියෙන් දියුණුවෙන් ජීවත් වෙන්න ඕනි කියන බලාපොරොත්තුව තිබුණේ.
මම පරණ දේවල් සෝදනවා නෙවෙයි. නමුත් අමතක කරන්න බැරි කොටස් කිහිපයක් වතාවෙන් වතාව තිබ්බා. අපේ ඉතිහාසය, කලාව විෂය නිර්දේශයෙන් අයින් කළාම, ඒක ගෙනත් දෙනවා කියන පොරොන්දුව පිට අපි සහය දුන්නා. මට තේරුණා, හිඟන්නගේ තුවාලේ වගේ යුද්දේ වවාගෙන කාලා මගේ මිනිස්සු, මගේ දූ දරුවෝ, රණවිරුවන් විනාශයට පත් කරනවා. අපි එකතු වුණා මේ රට බේරලා දෙන්න. ඒ හැමදේටම බොහෝම පින්.
හැබැයි එක වැරැද්දක් තියෙනවා.
අද මේ තත්ත්වයට මේ රට පත්වෙනවයි කියලා එකපාරට දැනගන්න බෑනේ. මේක ක්රමානූකූලව... දැනගන්නේ. නමුත් වගකීමෙන් මුදවන්න බෑනේ. මේ සියල්ලටම වග කියන්න ඕනි 225.. ඊයේ රැයින් පස්සෙ මම ඉන්නවා මේ වෙනුවෙන්. අපියි යන්නෙ මිනිස්සු එක්ක. අපි දන්නවා වේදනාව. හැම පුරවැසියෙකුට සතුටින් ජීවත් වෙන්න වාතාවරණයක් හදලා දෙන්න..