සංජීවනීව සහ දුලීකව කොටවන අදෘශමාන හස්තය කාගේද ?
මේ දිනවල පැවැත්වෙන නිර්පාක්ෂික අරගලයට කලාකරුවන් බොහෝ දෙනෙක් සහභාගී වෙලා ඉන්න බව ඔබ දන්නවා ඇති. ලොස්ඇන්ජලීස්වල ඉන්න නිළි සංජීවනී වීරසිංහත් අරගලයට හුරේ කියන්න ඒ රටේ දී එකතු වෙලා හිටියා. හැබැයි මේ හැමදේම අස්සෙ, සංජීවනීගේ කියලා කියන ෆේස්බුක් එකවුන්ට් එකක 'පෝස්ට්' බොහෝමයක් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වනවා.හැබැයි ඇත්තටම ඒක සංජීවනිගේ වැඩක් නෙවෙයි. සංජීවනී මේ ගැන පැහැදිලි කරන්න, වීඩියෝවකුත් සහ සටහනකුත් ඇගේ සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.
ඔබ සැමගේ දැනුවත්වීම උදෙසා ....( හැකි නමි බෙදාහරින්න )
සංවිධානගතව මා මෙන් පෙනී සිටිමින් වැරදි මත සමාජගත කරන නිවටුන් පිරිසකගේ වගකීම් විරහිත සමාජ මාධ්‍ය අවභාවිතාව පිළිබඳව .....
මේ පිළිබදව මට දන්වමින්, මෙම ව්‍යාජ පිටුව report කරමින්, සැමදා මට දිරියක් වෙමින්, ලගින්ම උන් ආදරනීය ඔබ සැමට මගේ ස්තූතිය.
බොරුව සමාජගත වන ඉක්මනට මෙි පැහැදිලි කිරීම සමාජගත නොවෙිවි...මන්ද කුණු රස සොයන ....කාට හෝ මඩගහන්න බලාගෙන ඉන්න නොමිනිසුන් සත්‍ය යටගසා බොරුව වපුරන්න කැමති බැවින් .
නමුත් මගේ වගකීමක් ලෙස මෙි පැහැදිලි කිරීම ඔබට ඉදිරිපත් කරමි.