සුජීව - මධාරා නවකතාවක් වගේ ලස්සන ආදර කතාවේ සංවත්සරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුජීව - මධාරා ආදර කතාව ගැන තමයි මේ කියන්න යන්නේ ඊට හේතුව අද දවස ඔවුන්ට විශේෂ දිනයක් වීම නිසයි. සුජීව ප්‍රසන්නආරච්චිගේ ආදරණීය නවකතා නොකියවූ කෙනෙක් හොයාගන්න එකත් අපහසු දෙයක්. ඉතින් ඊයෙ මේ දෙපළට විශේෂ දවසක් බව අපි කිව්වනෙ ඔන්න ඒ වෙනුවෙන් දෙන්නම ආදරණීය සටහන් සමාජ මාධ්‍යයට එකතු කර තිබෙනු අපිට දකින්න ලැබුණා. බලන්නකො මොකක්ද මේ විශේෂත්වය කියලා.

මේ ඇය වෙනුවෙන් ඔහු තබා තිබූ ආදරණීය සටහනයි.

"අද අපේ ජීවිතයේ මේ ආත්ම භවයේ හමුවෙන වඩාත්ම වැදගත්ම වටිනාම දිනය..! අපි දෙන්නාගේ ආදරයේ ස්වර්ණමය එක්වීමේ සැමරැම් දිනය..! මගේ ජීවිතයේ සිදුවූ වඩාත්ම වැදගත්ම වටිනාම සහ ආදරණීයම සිදුවීම අපේ එක්වීම කියලා මම තදින්ම විශ්වාස කරනවා..! ඔයාගේ හමුවීම තරම් අසිරිමත්, හාස්කම් සහිත සිදුවීමක් මේ ආත්ම භවයේදී මට සොයාගන්න බෑ..! ඒ වගේම, මේ භවයේදී හමුවූ වඩාත්ම විශේෂිතම වඩාත්ම ආදරණීයම වටිනාම කෙනා ඔයා කියලා මම තේරැම්ගත්තේ අද නොවෙයි. අපේ මේ දිනයටත් කළින්. කොහොමත් අපේ හමුවීම පූර්ව ආත්මයක කළින් සැළසුම් කළ එකක් කියලා අදටත් මම අදහනවා. ඒක පසුකාලයේදී බොහෝ දෙනෙක් කිව්වා. ඔයා මගේ ජීවිතයේ සාර්ථකත්වය පිටුපස උන්නා කියලා මම කවදාවත් කියන්නේ නෑ. ඇත්තම කියනවානම් ඔයා තමයි මගේ සාර්ථකත්වය..! ඔයා මගේ ජීවිතයේ වාසනාව ගෙනාව කෙනා නෙමෙයි. ඔයා තමයි මගේ වාසනාව...! මම ඒක තදින්ම අදහනවා..! ඉතිං...! ආදරයේ පරම මිනිස්කම තම ජීවිතයෙන්ම ඔප්පුකළ මගේ ජීවන තාරකාවිය..! මගේ සදාදරණීය ජීවන කුසුමිය..! ඔබ මගේ හදවතේ එකම සහ හොඳම ලැබීමයි. තවමත් තව බොහෝ ආත්ම ගතවනතුරැත් ඔබේ සුවඳම මගේ හදවතේ ජීවන තෙමාව වේවා..! Happy Anniversary My Love

ඇයත් ඔහුට මේ විදියට ආදරණීය සටහනක් තබා තිබුණ....

"ජීවිත දෙකක් එකම ජීවිතයක් වූයේ… හදවත් දෙකක් එකම හදවතක් වූයේ… ආත්ම දෙකක් එකම ආත්මයක් වූයේ අද වැනි පින්වන්තම අසිරිමත් දිනයකදීය. බොහෝ දෙනෙක් ඔබේ නවකතාවල ධනුක කෝ කියා අසති. විමුක්ති කෝ කියා අසති. අසංග කෝ කියා අසති. නිර්වාන් කෝ කියා අසති. එහෙත් ඒ සියළුම දෙනාටම මට කිව හැක්කේ එකම එක දෙයකි. ඒ බොද මීදුම් නවකතාවේ ධනුකගේ ආදරණීය ආත්මයේද.. නිලම්බරේ නවකතාවේ නිර්වාන්ගේ පින්බර ආත්මයේද.. සින්දූර් නවකතාවේ අරවින්දගේ අව්‍යාජ ආත්මයේද.. වර්ෂා නවකතාවේ විමුක්තිගේ පිවිතුරු ආත්මයේද හිමිකරු මගේය . ඒ ඔබය. බලාගෙන ඔබේ පින්බර රන් මුහුණ…

මැරී ගියත් කම් නැහැ ඔබ දෝත මැද.. Happy anniversary both of us