සිඟිති අවුරුදු කුමරිය වීම තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය
දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන නිකිණි කුසුම් ටෙලි නාට්‍යය හරහා මේ දිනවල නිතර දකින සිදංගනා කුරේ පුංචි රංගන ශිල්පිණියටත් මෙවර අප ඉඩක් වෙන් කළා. 2022 වසරේ ස්වර්ණවාහිනි නාලිකාව සංවිධානය කළ සිගිති අවුරුදු කුමරිය තරගයේ ජයග්රාහිකාවද වන ඇය වර්තමානයේ සිටින ජනප්‍රිය කුඩා රංගන ශිල්පිණියක්ද වෙයි. මෙවර සාරවිට තුළින් අප ඇයටද මෙසේ ඉඩක් වෙන් කළා.
සිදංගනා මේ දවස්වල ගොඩක් අය දන්නවා නේද..
සතියේ දින පහ තුළිම දෙරණ නාලිකාවේ රාත්‍රී නමයට විකාශනය වෙන නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ ජිත්මි විදිහට මම රගපානවා. ඉතාමත් හොඳ රසික ප්‍රතිචාර ඒ චරිතය හරහා මට ලැබිලා තියෙනවා. කොටින්ම කිව්වොත් ගොඩක් අය මාව අඳුනගත්තෙත් මේ ජිත්මි කියන චරිතය හරහා. පාර තොටේ යනකොටත් මේ ජිත්මි නේද කියලා මගෙන් ගොඩක් අය අහනවා.
සිදංගනා දැන් කවුරුත් දන්න පුංචි රංගන ශිල්පිණියක්..
මුලින්ම මම රඟපෑවේ මැස්සා ටෙලි නාට්‍යයේ පින්කිගේ විදිහට. 2022 ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයේ ප්‍රථම ස්ථානය ලැබීමත් සමග තමයි ඒකට මට අවස්ථාව හම්බුණේ. ඊට පස්සේ දෙරණ නාලිකාවේ විකාශය වුණ හෙල්යන් නාට්‍ය රඟපෑවා. ඒකෙන් තමයි මට රයිගම් සමානය ලැබුණේ.
අවුරුදු කුමරිය තරගය ගැන විස්තර කියමුකෝ..
අයදුම්පත් 3000කින් තමා මම ජයග්‍රාහිකාව වුණේ. ගොඩක් සතුටුයි ඉතින් පොඩි කාලේම අවුරුදු කුමරියක් වුණ එක ගැන. මම හිතන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ ඒක. මගේ පවුලේ අය තමයි ගොඩක් උදව් කළේ මේ තරගයෙන් පළවෙනියා වෙන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ අක්කා මිහිකා කුරේ. එයා තමයා මට ඒ තරගයේ නර්තනය අංකය සූදානම් කරලා දුන්නේ.
රඟපානවට අමතරව සිදංගනා තව දක්ෂ මොනවටද..
පාසලේ මම ඇරොබික් ජිම්නාස්ටික් කරනවා. තව පාසලේ කථික සංගමයේ ඉන්නවා. නැටුම් හා නාට්‍ය හා රංග කලාව හදාරනවා. ඒවගේම මම පාසලේ තියෙන ප්‍රසංග වලටද සහභාගි වෙනවා.
සිදංගනා ටෙලි නාට්‍යයවල විතරද රඟපාලා තියෙන්නේ..
නැහැ. සතොස, නිව්ඩේලි, SDB, HNB හා කොමර්ෂල් බැංකු, පිපල්ස් ලිසිං, ඇට්ලස්, ලයිෆ් බෝයි හා අයිඩෙක්ස් ආයතන වලින් කරපු වෙළඳ දැන්වීම් කිහිපයක රඟපාලා තියෙනවා. ඉදිරියේදී මාව චිත්‍රපටයකින් දැකබලා ගන්නත් පුළුවන්. රඟපාන චිත්‍රපටියක් එන්න තියෙනවා. බන්දු සමරසිංහ අංකල් එක්ක තමයා ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ.
අනාගතයේදී කලාව පැත්තෙන් ඉදිරියට යන්නද සිදංගනා කැමති...
පුංචි කාලේ ඉඳලම මම උයන පිහන දේවල් වලට හරිම ආස කෙනෙක්. ඒ නිසා කවද හරි දවසක මම සූපවේදිනියක් වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒවගේම වගේම නිරූපණ ශිල්පිනියක් හා රංගන කටයුතුද සිදු කර ගෙන යාමට සැළසුම් කරමින් ඉන්නවා.
සිදංගනා ගැනත් විස්තර ටිකක් කියමු..
මගේ වයස අවුරුදු අටයි. මම කිරිබත්ගොඩ විහාර මහා දේවි පාසලේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මගේ පන්තිභාර ගුරුතුමිය තමා දිස්නා පියදර්ශනී. මගේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු, සෞන්දර්ය කටයුතු වගේම රංගන කටයුතු සිදු කරගෙන යන්නේ හරිම ආසාවෙන්. ගොඩක් අය මට කතා කරන්නේ ජිත්මි බබා කියල. මේ මොහොතේදී නිකිණි කුසුම් එකේ තුෂාර සර්ව ගොඩක් විශේෂයෙන්ම මතක් කරනවා.