සංගීත් සහ දිනි හදිසියේම ලයිව් ඇවිත් කරපු හෙළිදරව්ව මෙන්න
සංගීත් සතරසිංහ. දිනිති වල්ගමගේ කියන්නෙ මුහුණු පොතේ අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන දෙන්නෙක්. මේ දෙන්නගේ ආදර කතාව, (තවමත් ඒක ආදර කතාවක් කියලා එයාලා ප්‍රසිද්ධියේ පිළිගෙන නැති වුණත්) දැන් ප්‍රසිද්ධ රහසක්. සංගීත් සහ දිනි ගොඩක්ම ප්‍රේක්ෂකයින් ට සමීප වෙන්නෙ ඔවුන්ගේ යූටියුබ් නාලිකාව හරහා. පසුගිය දවසක ඒ විදිහට වීඩියෝවකින් අදහස් පළ කරපු සංගීත්, තමන්ට සහ දිනිට ලැබෙන ප්‍රතිචාර ගැන මේ විදිහේ හෙළිදරව්වක් කළා.
"අපි ඔයාලගේ කමෙන්ට්වලට රිප්ලයි නොකළාට අපි ඒ හැම කමෙන්ට් එකක්ම කියවනවා. යූටියුබ් නම් අපිට හැමෝම ආදරෙයි. අපි ට බෑඩ් කමෙන්ට්ස් ඇවිත් නෑ. පිටත ෆේස්බුක් වලින්, ෆොටෝස් වලින්, ස්ටෝරිස්වලින් අරන් දාලා තියෙනවා. කෙනෙක්ට ඒවා වැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒවා ඇතුළේ කමෙන්ට් කරන අය අපරාධයක් කරගන්නෙ. කාලය නාස්ති කරගැනීමක්..."
"කමෙන්ට් කරන ඒවා බැලුවොත්... අපි නිකන් ඒ කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකකට ගිහින් බැලුවොත් එක්කෝ රස්සාවක් කරන් නැති, රූපයක් නැති, මල්වාස් එකක්, කාර් එකක් දාන් ඉන්න අය.. අනික මම දැක්කා ඒක අපේ එක්තරා වීඩියෝ එකක ෆොටෝ එකක් අරන් පේජ් එකක ගහලා තියෙනවා. මට යාලුවෙක් ඒක එවලා තිබුණා. මනුස්සයෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. එහෙම වචනෙන් අපිට කියන්න බෑ. යාලුවා කිව්වා, අයියා නිකන් බලන්න මේ ප්‍රොෆයිල් එකේ ඉන්න කෙනා කවුද කියලා? මම ක්ලික් කරලා බැලුවා. මම කවදාවත් කරන් නැති දෙයක්..."
"ඒ මහත්මයා ඉන්නෙ තමන්ගේ වයිෆ් සහ තමන්ගේ දරුවා අතේ තියාගෙන. ඇකිටිව් එකවුන්ට් එකක්.. හෙන දරුණුයි ඒ වචන.. අපි එයාව පෞද්ගලිකව අඳුනන් නෑ. පබ්ලික් එහෙම දාද්දි, තමන් දැනගන්න ඕනි මේක අනිත් අය දකිනවා. එයා මට පෞද්ගලිකව මැසේජ් කළානම් මට ප්‍රශ්නයකුත් නෑ. තමන් හැමවෙලාවෙම දෙයක් කරන්න කලින් කල්පනා කරන්න. තමන්ගේ මූණ, නම යන්නෙ. අවසානයේ පවුලේ මිනිසුන්ගේ හම යන්නෙ.."