ස්කොලේ නම කියාගන්න බැරිව අවුරුදු කුමරි තරගයේ දෙවැනියා වුණා - ශාලිකා එදිරිසිංහ
තෙරේන කාලේ ඉඳලා මම ඒ වගේ තරගවලට ගිහිල්ලා තියෙනවා. ගමේ ඉන්න කොට හැමදාම වගේ අවුරුදු කුමරිය තරගයට සහභාගි වෙනවා. එක් අවුරුද්දක් හැරෙන්න මම සහභාගි වුණ හැම අවුරුද්දකම වගේ මම තමයි පළමුවැනියා වුණේ. දෙවැනියා වුණ අවුරුද්දේ මම පොඩි වැඩියි අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා. ඉතින් හරියට පාසලේ නම කියාගන්න බැරිවුණ හින්දා තමයි මට දෙවැනියා වෙන්න සිදුවුණේ. ඒක මට කවමදාකවත් අමතක වෙන්නේ නැහැ.