Saaravita.lk|| සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ නෙහාරාට පණ පොවන අවුරුදු කුමාරි යශෝධරා

සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ නෙහාරාට පණ පොවන අවුරුදු කුමාරි යශෝධරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ ස්වාධින රූපවාහිනි සේවය මඟින් පවත්වනු ලැබු අවුරුදු කුමරිය තරගයේ තෙවැනි ස්ථානය දිනාගත් යශෝධරා මානගේට මෙවර මංගල සඟරාවෙන් මෙසේ ඉඩක් වෙන් කළා. මේ වනවිට රංගන ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිස ඇති යශෝධරා මේ දිනවල විකාශය වෙන සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ නෙහාරා ලෙස ප්‍රේක්ෂක ඔබට දකින්නට පුළුවන්.

මනාලියක් විදිහට හැඩවුණ දවස මතකද?

මම මුලින්ම මනාලියක් විදිහට හැඩවුණේ මට මතක විදිහට මීට වසර දෙකකට පෙරදි. ඇත්තටම මම ඒ වෙනකොට මූලික වශයෙන් අධ්‍යාපන වැඩකටයුතු වල නිරත වෙලා හිටිය  නිසා නිරූපණ ක්ෂේත්‍රයටම කියලා එහෙම සම්බන්ධ වෙලා හිටියේ නෑ.  ඉතින් මුල්ම වතාවට කෞශල්‍යා ගයාත්‍රි අක්කගේ අතින් තමා ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩ වුණේ.

දැන් කොපමණ වතාවක් යශෝධරා මනාලියක් විදිහට හැඩවෙලා තියෙනවා?

2023 වසරේදී තමා මම පළමුවතාවට මනාලියක් විදිහට හැඩ වුණේ. ඊට පස්සේ මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ සමගම මට අවස්ථාව ලැබුණා විවිධ විදිහට මනාලියන් ලෙස හැඩ වෙන්න. විශේෂයෙන්ම  උඩරට, බටහිර, ඉන්දියන් ක්‍රමයට. හැබැයි මගේ මතකයේ නැහැ දැනට මම කොපමණ ප්‍රමාණයක් මනාලියක් ලෙස හැඩ වෙලා තියෙනවාද කියලා.

ඔබ වැඩිපුර මනාලියක් ලෙස හැඩ වෙලා තියෙන්නේ මොන ක්‍රමයටද?

මම හිතන්නේ උඩරට විදිහට. හැබැයි ඉතින් මම එකම ක්‍රමයටකට සිමා වෙලා නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන ඕනැම මංගල විලාසිතාවකට මම පෙනී ඉන්නවා. ඒ වගේම මම  නිරූපිකාවක් විදිහට අනෙකුත් විලාසිතාවලට දායක වෙලා තියෙනවා.

ඔබ නිරූපණ ශිල්පිණීයක් පමණද?

නැහැ. ක්ෂේත්‍රයට ආවේ නම් නිරූපණය පැත්තට සම්බන්ධ වෙලා. අද වෙන කොට මම ගීත රූප රචනා, වෙළෙඳ දැන්විම්, ටෙලි නාට්‍ය වලටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මම නිරූපණ ශිල්පිනියක් විතරක්ම නෙමෙයි රංගන ශිල්පිනියක් විදිහට ද කටයුතු කරනවා.

ඔබ වැඩිපුරම කැමති මොන විදිහේ මනාලියක් විදිහට පෙනී ඉන්නද?

මම දැනට වැඩිපුරම මනාලියක් ලෙස හැඩ වෙලා තියෙන්නේ උඩරට විදිහට. ඉතින් මම වඩාත්ම කැමති ඒ විදිහට පෙනි ඉන්න තමයි. හැබැයි අනෙකුත් මනාලියන් විදිහට හැඩ වෙන්නත් මම කැමතියි.    ‍

යශෝධරා ඇත්තටම ඔබ මනාලියක් විදිහට දකින්න ලැබෙන්නේ කවදද?

තවම නම් ඒ ගැන හිතලා නැහැ මම. බලමු ඉදිරියට ඒ ගැන මම කියන්නම් හැමෝටම.

බුද්ධික සේනාධීර 



More In Hot Story