ශිරෝෂි වෙනුවෙන් පෙරට ආ ඇය තැබූ ආන්දෝලනාත්මක සටහන
මේ වෙනකොටත් අපේ ආදරණීය කලාකරුවන් ගැන අතිශය සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරන යූටියුබ් නාලිකා වැහි වැහලා. මෑතක දමිතා අබේරත්න මව්පදවිය ලැබුවා යැයි ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කර පිරිසක් එය ප්‍රචාරය කළ අතර, එවන් අතිශය සංවේදී කාරණා වෙනුවෙන් යූටියුබ් නාලිකා භාවිතා කර නොගන්නා ලෙසට ඇය ඉල්ලීමක් ද කර තිබුණා. එසේම, ෆේස්බුක් යූටියුබ් මාධ්‍ය තුළ වැඩිම වාර ගණනක් මරා දැමුණු පුද්ගලයා බවට පත්වුණේ ගිරිරාජ් කෞෂල්‍ය යි. එසේම ජැක්සන් කලාකරුවාද මිය ගිය බවට ඇතැම් නාලිකා ප්‍රචාරය කරමින් තම බඩවිත රැක ගැනීමට අසීරූ උත්සහයක නියැළෙනවා.
මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ශිරෝෂි ගැනත් එවැනිම වූ පුවතක් ප්‍රචාරය කර ඇති අතර, ශිරෝෂිගේ මිතුරියක් ඒ පිළිබඳව තදින්ම දෝශාරෝපණය කරමින් සටහනක් තබා තිබුණා.
අද දවසෙ share කරලා තිබ්බ කිසිම පදනමක් නැති post දෙකක් මේ. රසික ආදරය ලබමින් ජීවත්වෙන ජනප්‍රිය ශිල්පීන් ගැන මේ විදියට ප්‍රචාරය කරලා මේ youtube / web අයිතිකාරයෝ බලාපොරොත්තු වෙන දේ නොදන්නවා නෙවෙයි . සමාජ මාධ්‍යයක් තුළින් හැමදෙයක්ම හරි ඉක්මනට විහිදෙනවා. සමහර අය ඉන්නවා මොකක් හරි news එකක් දැක්ක ගමන් ඇත්ත නැත්ත හොයන්නැතුව එයාලත් ඒක share කරනවා.
සමහර බොරු news දාපු web/ youtube වලට මම එයාලා දාලා තියන එයාලගෙම නොම්මරවලට කතා කරපු අවස්ථාත් තියෙනවා. ජීවත්වෙලා ඉන්න මිනිස්සු මැරුනා කියලා දාලා viewers ලා වැඩි කරගෙන හම්බ කරන සල්ලිවලින් දරු පවුලකට කන්න දෙන එකත් මහා තක්කඩි වැඩක්. ජීවත්වෙලා ඉන්න රටක් ආදරය කරන අයට මෙහෙම දාන්න කලින් හිතන්න පුළුවන්නම් තමන්ගෙ පවුලෙ කෙනෙක් ගැන මේ විදියට කවුරු හරි බොරු ප්‍රචාරයක් කළොත් තමන් මොන වගේ දෙයක්ද කරන්නෙ කියලා. අනුන්ට කරන දේ තමන්ට වුනොත් මොනවා හිතෙයිද කියලා හිතන්න . ඒ වගේම මෙහෙම ජීවත් වෙන අයව මරලා දාලා හම්බ කරන සල්ලිවලින් කන ටික වහ වෙන්නත් පුළුවන් . මේ කාලකණ්ණි දේවල් ටයිප් කරනකොට ඒවා voice කරනකොට මම දන්නෙ නෑ හිතක් තියාගෙන කරනවද කියලා.
ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ව මරලා දාලා හරි සල්ලි හම්බ කරන්න හිතන කෙනෙක්ට සල්ලි වෙනුවෙන් තමන් ළඟ ඉන්න අයවත් විකුණන්න පුළුවන් කියලයි මම හිතන්නෙ.