ශිරෝෂි රොමේෂිකාට අමතක නොවන ඒ අනතුරේ මතක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිණී ශිරෝෂි රොමෙෂිකා පසුගිය වසරේ දී නොසිතූ විදිහට අනතුරකට ලක්වුණා. ඇය බෙන්තොට ප්‍රදේශයේ ජෙට් ස්කයි ක්‍රීඩාවේ නිරතව සිටියදී මුහුණට මුහුණ තවත් යාත්‍රාවක හැපී මේ අනතුර සිදුව තිබුණා. දින ගණනාවක් රෝහල් ගතවී සිටි ඇයට දැන් සුවයි. අදාළ අනතුර ගැන ඇය සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙහෙම,

“වතුරෙන් උඩට ආවට පස්සේ "මට අමාරුයි” කියලා මම කෑගැහුවා. ඇස් බොඳවුණා. සැරෙන් සැරේ සිහිය නැතිවුණා. නාගොඩ රෝහලට ගියත් මට ඒ දවස එතරම් මතක් වුණේ නැහැ. පහුවදා උදේ වනතුරු මගේ සැත්කම කරනතුරු මම අමාරුවෙන් හිටියා. මාව වතුරෙන් ගොඩට ගෙනිච්චට පස්සේ දුව කෑගහගෙන මම ළඟට දුවගෙන ඇවිත් මට එයාව ඇස් දෙකෙන් පෙනුණා. “අම්මා... අම්මා……” කියල එයා කතාකරනවා මට යාන්තමට මතකයි.”

“හැබැයි මාව රෝහලට ගෙනියද්දී එයා ගොඩක් අඬල තියෙනවා. මම රෝහලේ දවස් කිහිපයක්ම හිටියා. ඒ හැම මොහොතකම මට මතක් වුණේ එයාවයි. දැන්නම් හිටියට වඩා ගොඩක් සනීපයි. හැබැයි තවත් ටිකක් විවේක ගන්න ඕනේ කියලයි වෛද්‍යවරුන් කිව්වේ.”

“මහන්සිවෙලා තවම වැඩ කරන්නේ නැහැ. ඒ නිසා දැනට කරන්න පුළුවන් වැඩ ටික හෙමිහිට කරගන්නවා. හැබැයි හිතුවාටත් වඩා ඉක්මණින් දැන් ගොඩක් සුවයි. ඒකට නාගොඩ රෝහලේ හිටපු වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් කොළඹ පුද්ගලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ස්තූති කරන්න ඕනේ. ඒ වගේම මගේ අසනීපය හොයලා බලපු මගේ යාළුවෝ, මගේ පවුලේ සියලුදෙනා ඇතුළු හැම දෙනාමත් ආදරයෙන් මතක් කරනවා. ගොඩක් ස්තූතියි ඒ හැමදෙනාටම”