ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයෙකුට ඉන්දියාවේ දී ප්‍රථම ස්ථානය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ බැංගලෝර් නුවර ඉකුත් 25 දින පැවති ස්වභාවික  කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලියේ දී පළමු ස්ථාන දෙකක්, දෙවන ස්ථානයක් සහ තවත්  සම්මාන දෙකක් ද දිනා ගැනීමට ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක පියුමල් සිතුම් සමත් වී තිබූ අතර, ඔහු ඒවා රැගෙන ඊයේ (29දා) දිනයේදී අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ශාරීරික නිරෝගීභාවය සහ ශරීර හැඩය නිසි පරිදි පවත්වා ගෙන යාම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙවැනි තරගාවලි ලොව පුරා සංවිධානය කෙරෙන අතර , එහිදී එයට සහභාගී වන ක්‍රීඩකයන් තහනම් උත්තේජක සහ කෘතිම ආහාර භාවිතයෙන් තොරව මෙම තරගාවලි සදහා ඉදිරිපත් විය යුතු  අතර ඒ පිළිබඳව මෙම තරගාවලියේ තරග වලට ඉදිරිපත් වීමට පෙර වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කිරීම ද සිදු කෙරේ .

මෙම තරගාවලියේ දී පිරිමි ශාරීරික යෝග්‍යතා නිරූපණ තරගයෙන් සහ පැරණි ක්ලැසික් ෆිසික්ස් කායවර්ධන අංශයේ තරගයෙන් ද පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි. ඊට අමතරව මෙම තරගාවලියේ පැවති ශාරීරික යෝග්‍යතා නිරූපණ විවෘත පිරිමි තරගයේ දී දෙවන ස්ථානය දිනා ගෙන තිබුණි .

එමෙන්ම හොදම නිරූපණය සහ හොදම පුහුණුකරු සදහා වූ සම්මාන දෙක ද ඔහු හිමි කර ගැනීමට සමත් වී තිබුණි. ඔහු මෙම සම්මාන සහ පදක්කම් රැගෙන 06/29 දින අලුයම 01.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු පිළිගැනීම සදහා ඔහුගේ බිරිඳ, දරුවා ඇතුළු නෑදෑ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.