ශොපිං කරන්න නම් යන්න හොඳ බැකොක්, ඩුබායි තමා
මේ දිනවල කලා නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ අප දකින ධනංජි තාරුකා බොහෝ රසික පිරිසකගේ ආදරය දිනූ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිණියකි. මේ දිනවල ලංකාවේ ගත කළත් ඇය පසුගිය කාලේ නම් වැඩිපුරම විදෙස් රටවල සංචාරය කරනු දක්නට ලැබුණි. මේ නිසාම අප ඇයගෙන් ඒ පිළිබඳව මෙසේ තොරතුරු විමසුවා.
ධනංජි දැන් රටවල් කොපමණ ප්‍රමාණයක සංචාරය කරලා තියෙනවද?
දැනට මම රටවල් පහකට හයකට විතර ගිහිල්ලා තියෙනවා. ඒ ගිය රටවල් අතරින් මම ගොඩක් කැමති ජපානයට. ඒකට හේතුව තමයි ජපානයේ ලස්සන තැන් තියෙනවා නරඹන්න. ඒ වගේම ඒ රටේ මිනිස්සුත් හරි හොඳයි. සුහදශිලි. මිනිස්සුන්ට සංචාරය කරන්න පුළුවන් හොඳ රටක් විදිහට මම ජපානය හඳුන්වන්න කැමතියි.
සාමාන්‍යයෙන් රටවල් වල සංචාරය කරන්නේ ධනංජි කා සමගද?
ගොඩක් වෙලාවට මට ආරාධනා ලැබුණේ ප්‍රසංගවලට සහභාගි වෙන්න. වතාවක් මම අවුරුදු උත්සවයකට සහභාගි වෙන්නත් විදෙස් ගත වුණා. පෞද්ගලිකව මම එහෙම ගොඩක් රටවල්වලට ගිහින් නැහැ. ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණ අවස්ථාවල මම ඒ වැඩේට සම්බන්ධ වෙලා පසුව මගේ නැදැයින් සමග ටික දවසක් ඉඳලා ඒ රටවල්වල සංචාරය කරලා තියෙනවා. හැබැයි තායිලන්තයේ බැංකොක් වලට ගියා අපි යහළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා.
සංචාරය කරපු රටවල අතරින් අමතක නොවන සිදුවීම් එහෙම ඇති ධනංජිට?
ඕනා තරම් අමතක නොවන සිදුවිම් වෙලා තියෙනවා විදෙස් රටවල සංචාරය කරද්දි. ගොඩක්ම වෙලා තියෙන්නේ පාරවල් හොයාගන්න බැරි වුණ එක. ජපානයේ ගිය වෙලාවේදී නම් විවිධ අකරතැබ්බයන් මුහුණ දෙන්න වුණා. හේතුව තමා ජපන් ජාතිකයන්ට ඉංග්‍රීසි භාෂාව නොහැකි වීම. එකම පිළිසරණ වුණේ අන්තර්ජාලය හරහා ජපාන් භාෂාව පරිවර්තනය කර ගැනිම. ඒ වගේම තමා ජපානයේ දුම්රිය හරි වෙලාවට අල්ල ගැනීමට නොහැකි වීම. පස්සේ ගුගල් මැප්වල පිහිටෙන් අදාලා තැන්වලට ගියපු අවස්ථා එහෙමත් තිබුණා.
ඔබට හිතෙන විදිහට සාප්පු සවාරියේ යන්න සුදුසුම රට මොකක්ද?
සාප්පු සවාරියේ යන්න නම් මම දකින හොඳම නගර තමා බැංකොක් හා ඩුබායි කියන්නේ. තමන්ට හිතේ හැටියට අඩු මුදලට වගේම හොඳ තත්ත්වයේ බඩු ගන්න මේ තැන්වලින් පුළුවන්. සංචාරකයින්ට සාප්පු සවාරියේ යන්න ගොඩක් ප්‍රසිද්ධත් මේ තැන් නිසා මමත් මේ තැන්වලින් බඩු අරගෙන තියෙනවා. ආයෙත් අවස්ථාව ලැබුණොත් සාප්පු සවාරියේ යන්න මම බැංකොක් හා ඩුබායි තමා තෝරගන්නේ.
ළඟදී ඔබ විදෙස්ගත වෙන්න සුදානමක් නැද්ද?
ප්‍රසංග සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. හැබැයි තවම ඒවා ස්ථාවර වෙලා නැහැ. එහෙම ස්ථීර වුණොත් නැවත වතාවක් විදෙස් ගත වෙන්න මම බලාපොරොත්තු වෙන් ඉන්නවා. කොහොමත් කලා කටයුතු එක්ක වැඩ කරද්දි විදෙස් ගත වෙන්න මේ වගේ ආරාධනා ලැබෙනවා මට.
බුද්ධික සේනාධීර